සිරිල් ගාමිණී පියතුමන් රහස් පොලීසියට කැඳවූ බවට පළවන පුවත අසත්‍යයි!

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අරගල කරන පිරිස අතර වූ ප්‍රභල හඬක් වන සිරිල් ගාමිණී පියතුමන් හෙට (16) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවට පළවන පුවත අසත්‍ය බව වාර්තා වේ.

LNW අප සිරිල් ගාමිණී පියතුමන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ අපට තහවුරු කර සිටියේ හෙට දිනයේ එවැනි කිසිඳු කැඳවීමක් තමාට සිදුකර නොමැති බවයි.

මේ අතර, හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට උදෑසන 9 සිට මධ්‍යහන 12 දක්වා නිහඬ යාඥාවක් පැවැත්වීමට කිතුණු බැතිමතුන් සැලසුම්කර ඇති අතර, මෙම නිහඬ යාඥා කිරීමේ අවස්ථාවට කිතුණු පූජකවරුන් සහ බැතිමතුන් සහභාගී වීමට නියමිත ය.

මෙම නිහඬ යාඥා කිරීමේ අවස්ථාවට සියලු ජනතාවට සහභාගීවන ලෙස සංවිධායකයන් විසින් ආරාධනා කර සිටින බව ද සඳහන්.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...