මෛත්‍රී තීරණයක් ගනීවි. ශ්‍රීලනිපය අයින් වෙනවා නම් ඒ තීරණයත් අපි භාරගන්නවා – විමල් (VIDEO)

Date:

නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරන්නේ නම් එම තීරණය භාරගැනීමට තම සන්ධානය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රශ්නය – හෙලිකොප්ටරේ පක්ෂ 12න් දැන් කීයක් ඉන්නවද ? අඩුවෙලාද, වැඩිවෙලාද ?

“අඩුවෙලාත් නෑ, වැඩිවෙලාත් නෑ. ඉස්සරහට වැඩිවෙයි”

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලිකොප්ටරේ ඉන්නවද නැද්ද කියලා තීරණයක් ගන්නවාද ?

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයින් වුණොත් ඒක ඔවුන් ගන්න ඉතාම අනුවණ තීරණයක්. නමුත් ඔවුන් ඒ තීරණය ගත්තොත් අපි ඒ තීරණය භාරගන්න සූදානම්. අපි ඉතුරු පක්ෂ ටික ඔක්කොම එකතුවෙලා හෙලිකොප්ටරය ලකුණින් තරග වදිනවා”

ප්‍රශ්නය – දැන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රශ්නයත් එක්ක ඔබතුමාලාට අගතියක් වෙන්නැද්ද ඡන්ද ව්‍යාපාරයට ?

“ඒ නඩු තීන්දුවත් එක්ක එතුමාගේ දේශපාලන කටයුතුවලට ඇතිවෙච්ච බලපෑම ගැන මං හිතන්නෙ එතුමා සිතා බලමින් ඉන්නෙ. ඒ පිළිබඳ තීරණයක් ඉදිරියේදී ප්‍රකාශ කරයි”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ නිජස නාමයෝජනා සම්බන්ධයෙන් ඊයේ (15) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...