මෛත්‍රී තීරණයක් ගනීවි. ශ්‍රීලනිපය අයින් වෙනවා නම් ඒ තීරණයත් අපි භාරගන්නවා – විමල් (VIDEO)

Date:

නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරන්නේ නම් එම තීරණය භාරගැනීමට තම සන්ධානය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රශ්නය – හෙලිකොප්ටරේ පක්ෂ 12න් දැන් කීයක් ඉන්නවද ? අඩුවෙලාද, වැඩිවෙලාද ?

“අඩුවෙලාත් නෑ, වැඩිවෙලාත් නෑ. ඉස්සරහට වැඩිවෙයි”

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලිකොප්ටරේ ඉන්නවද නැද්ද කියලා තීරණයක් ගන්නවාද ?

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයින් වුණොත් ඒක ඔවුන් ගන්න ඉතාම අනුවණ තීරණයක්. නමුත් ඔවුන් ඒ තීරණය ගත්තොත් අපි ඒ තීරණය භාරගන්න සූදානම්. අපි ඉතුරු පක්ෂ ටික ඔක්කොම එකතුවෙලා හෙලිකොප්ටරය ලකුණින් තරග වදිනවා”

ප්‍රශ්නය – දැන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රශ්නයත් එක්ක ඔබතුමාලාට අගතියක් වෙන්නැද්ද ඡන්ද ව්‍යාපාරයට ?

“ඒ නඩු තීන්දුවත් එක්ක එතුමාගේ දේශපාලන කටයුතුවලට ඇතිවෙච්ච බලපෑම ගැන මං හිතන්නෙ එතුමා සිතා බලමින් ඉන්නෙ. ඒ පිළිබඳ තීරණයක් ඉදිරියේදී ප්‍රකාශ කරයි”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ නිජස නාමයෝජනා සම්බන්ධයෙන් ඊයේ (15) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...