කැලණිතිස්ස මන්දගාමී වෙයිද…?

Date:

විදුලිබල මණ්ඩලය සතුව ‘නැප්තා’ මිලදී ගැනීමට මුදල් නොමැතිවීමෙන් පසුගිය සිකුරාදා සිට විදුලි බලාගාරය අක්‍රීය වීමේ අවදානමක් ඇති විය. නමුත් ඛනිජ තෙල් සංස්ථාව එදින පස්වරුවේ ‘නැප්තා’ මෙට්‍රික් ටොන් 2300 ක් සැපයීමෙන් එම අවදානමෙන් ගැලවුණි.

කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 165 ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.

නමුත් කැලණිතිස්ස විදුලි බලාගාරයට ඛනිජ තෙල් සංස්ථාවෙන් පසුගිය සිකුරාදා පස්වරුවේ ලැබුණු ‘නැප්තා’ මෙට්‍රික්ටොන් 2,300 දින තුනකට පමණක් ප්‍රමාණවත් බවත් ලබන 17 වැනිදා සිට කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීම නැවත අවිනිශ්චිත තත්වයකට පත්වන බවත්ය.

ඛනිජ තෙල් සංස්ථාව අත්පිට මුදලට පමණක් ‘නැප්තා’ සැපයීමට තීරණය කිරීම නිසා මෙම තත්වය උද්ගත වී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය! 

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...