දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/17

Date:

1. කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි.

2. උග්‍ර ද්‍රවශීලතා අර්බුදය රජයේ මූල්‍ය වත්කම් වලට දැඩි ලෙස බලපෑමක් ඇති කරයි – රජයේ සේවකයන්ගේ මාසික වැටුප් වාරික දෙකකින් ගෙවීමට භාණ්ඩාගාරය කටයුතු කිරීමට නියමිතයි.

3. උතුරු-නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණයට “අත” ලකුණින් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින්! – එම පක්ෂය “හෙලිකොප්ටර්” ලකුණ යටතේ කොළඹ, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා තරඟ කරනු ඇත.

4. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයෙහි විරෝධතාකරුවන් ගාලු මුවදොරට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරයි – අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයෙහි විරෝධතා නිසා බෞද්ධාලෝක මාවත වසා දැමෙයි – කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි පාරේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.

5. ජනතාව විඳින දුෂ්කරතා ගැන තමා දන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – වාරික 3කින් හෝ 4කින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඇ.ඩො. බිලියන 2.9ක් ලැබෙන බවට සහතික වෙයි – ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආදියෙන් ඇ.ඩො. බිලියන 5ක් ලබා ගැනීමේ හැකියාව පවතින බව ද පවසයි.

6. 2022 දී සේවක ප්‍රේෂණ වසර 12 කට පසු අවම මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකු දත්ත පෙන්නුම් කරයි – 2021 දී පැවති ඇ.ඩො. බිලියන 5.5 ට සාපේක්ෂව 2022 වසරේ සියයට 31 කින් ඇ.ඩො. බිලියන 3.8 දක්වා පහත වැටී ඇත – පෙර අඩුම අගය 2010 දී ඇ.ඩො. බිලියන 4.1 ලෙස වාර්තා විය.

7. සෑම මසකම කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වී මෝල් 10ක පමණ වැඩකටයුතු නතරවන බව වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා ප්‍රකාශ කරයි – අධික පොලී අනුපාත හේතුවෙන් ඔවුන්ට තම ණය ගෙවීමට නොහැකි වී ඇති බව පවසයි.

8. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත නොකරන බව එම කොමිෂන් සභාවේ සභාපතිවරයා කැබිනට් ලේකම්වරයාට දන්වයි – ඊට හේතු දැක්වීමක් ද සිදුකරයි.

9. තෙවන ක්‍රිකට් එක්දින තරගයේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ දරුණු පරාජයට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුට නියෝග කරයි – දින 5ක් ඇතුළත වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

10. ICC T20 ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සහභාගී වීම පිළිබඳ විශේෂ කමිටු වාර්තාව, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී – ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද උපදෙස් පතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...