“වෙනසකට මගක්” ඇරඹෙයි

Date:

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයට නවමු අත්දැකීමක් එක්කරන “වෙනසකට මගක්” පුහුණු පාඨමාලාව ඊයේ (19) වන දින උත්සවාකාරයෙන් ආරම්භ කෙරින.

පැෆ්රල් සංවිධානයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන මෙම පාඨමාලාව අඛණ්ඩව වසරක් පුරාවට දියත් කෙරෙන්නකි. දේශපාලනයට උනන්දුවක් දක්වන හා දැනටත් ප්‍රාදේශීය මට්ටමින් සක්‍රීය දේශපාලනයේ නිරතවන කාන්තාවන් ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන මෙම පාඨමාලාවට සම්බන්ධවීමට අයදුම්පත් 500 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබූ අතර ඉන් තේරීපත්වූයේ සිය දෙනෙකු පමණි.

මෙහිදී එම කාන්තා නියෝජිතවරියන් හා පැෆ්රල් සංවිධානය අව‍බෝධතා ගිවිසුමකට එළඹීමද සිදුවිය. මෙම පාඨමාලාවේදී පෞර්ෂ වර්ධනය, ප්‍රචාරණ ව්‍යාපාරයක් සැලසුම් කිරීම, මාධ්‍ය සමග ගණුදෙනු කිරීම, සමාජ මාධ්‍ය හැසිරවීම වැනි ප්‍රායෝගික කරුණු හා දේශපාලනයේ න්‍යායාත්මක කරුණු සම්බන්ධයෙන්ද ඔවුන් දැනුවත් කිරීමට නියමිත අතර ඔවුන් ප්‍රාදේශීය දේශපානයෙන් ඔබ්බට රැගෙන යමින් පාර්ලිමේන්තුව දක්වා රැගෙන යාම පැෆ්රල් අපේක්ෂාවයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු මෙම උත්සවයේදී, මෙම පාඨමාලාවට සම්බන්ධ වෙමින් තමන් සමාජ ප්‍රගමනයට දායක වෙමින් උසස් දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම වෙනුවෙන් කැපවන බවටද ඔවුන් ප්‍රතිඥා දෙනු ලැබීය.

මෙම උත්සවයට සහභාගීවූ ආගමික නායකයින් ඇතුළු දේශපාලනඥයින්ද කාන්තාව සක්‍රීය දේශපාලනයේ නිරතවීම තුළින් සමාජයට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් පැහැදිලි කල අතර පැෆ්රල් සංවිධානය තැබූ මෙම ඓතිහාසික පියවර බෙහෙවින් අගය කරනු ලැබීය.

“වෙනසකට මගක්” සමාරම්භක උත්සවයට කතානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පා.ම තිස්ස අත්තනායක, පා.ම විජිත හේරත්, පා.ම මනෝ ගනේෂන්, පා.ම එම්.ඒ සුමන්තිරන්, පා.ම රාසමානික්කම් ශානක්‍යන්  හා එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මැති ඇමතිවරුන්ද සීමානිර්ණ කොමිෂන් සභාවේ වත්මන් සභාපති හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක යන මහත්වරුන්ද “වෙනසකට මගක්” පාඨමාලාවේ උපදේශක කමිටුව වෙනුවෙන් හිටපු අමාත්‍ය ෆේරියල් අෂ්රෆ්, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නීති නිලධාරිනී නීතීඥ ගයනි ප්‍රේමතිලක, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ හිටපු ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක යන මහත්ම මහත්මීන්ද සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...