මහනුවර තැන රැකගෙන පෙරටම

Date:

නිපොන් පේන්ට් ජාතික රග්බි ලීග් තරගාවලයේ පස්වන සතිය ගෙවෙන විටත් සිය ජයග්‍රාහී ස්ථාවරය ඒ ආකාරයෙන්ම අපරාජිතව ඉදිරියට ගෙන යාමට මහනුවර කණ්ඩායමට හැකි වී තිබෙනවා.තරග පහම ජයලබා සිටින මහනුවර කණ්ඩායමට පිටුපසින් තරග 4 බැඟින් ජයගෙන සිටින හැව්ලොක්ස් කණ්ඩායම සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් දකින්නට ලැබෙනවා.ලීග් තරගාවලියේ කණ්ඩායම් සියල්ල එකිනෙකා හමුවීම නිමාවන්නට තවත් තරග දෙකකට මුහුණ දීමට සිඳු වෙනවා.ඒ නිසා ඉදිරි සති දෙක තීරණාත්මකයි.
පහතින් දැක්වෙන්නේ මේ වන විට ඒ ඒ කණ්ඩායම් ලබා තිබෙන ජයග්‍රහණ සහ පරාජයන් සමඟ ඔවුන් තරගාවලියේ ශ්‍රේණිගතව සිටින අයුරුයි.එසේම ගෙවුණ සතියේ දී වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයින් ද නම් කර තිබෙනවා.ඉකුත් සතියේ තරගයක ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ මහනුවර ක්‍රීඩා සමාජයේ තරින්ද රත්වත්තයි.ඔහු උත්සාහක දිණුම් දෙකක් ප්‍රවර්ථන දෙකක් සහ එක් නිදහස් පහරක් මඟින් ලකුණු 17 ක් ලබා ගැනීමට සමත් වුණා.එසේම ඉකුත් සතියේ වැඩිම උථ්සාහක දිණුම් ප්‍රමාණය වාර්තා කරන්නට සමත් වූ ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ හර්ෂ මධුරංගයි.
ක්‍රීඩා අමාත්‍යංශය විසින් ආදර්ශයට ගත යුතු ක්‍රීඩා පරිපාලනයක් ලෙස ස්වාධීනව තරග අනුග්‍රාහකයන් පවා සොයා ගනිමින් දේශියව සහ විදේශීයව ගොඩ නැඟෙන බලවේග හමුවේ නොසැලී රටේ රගර් ක්‍රීඩාවට අවශ්‍යය ප්‍රමාණවත් තරග අත්දැකීම් ලබා දීමට මෙන්ම ක්‍රීඩාව තව දුරටත් ව්‍යාප්ත කිරීමේ කටයුතු ද අඛණ්ඩව කරගෙන යනු ලබනවා.නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය මෙන්ම රාජ්‍ය නිලධාරී සම්ප්‍රදායද නිරන්තරයෙන්ම අපේක්ෂා කරන්නේ කුමන හෝ විෂයක වැඩ කිරීමේදී, ඒ දෙපිරිස වන්දනාමය ලෙස පිළිගෙන කටයුතු කිරීම ප්‍රමුඛව සිඳු කළයුතු බවයි.ඒ නිසා වෙට්ටු දැමිම් රැසක් මැද ශ්‍රි ලංකාවේ රගර් පරිපාලනය එක් සිත්ව කටයුතු කරමින් ක්‍රීඩාවේ සම්ප්‍රදායික වන්දනාමය නඩය පිනවීම පසෙකලා ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර ඒ සඳහා නිර්භිත අනුග්‍රාහකයන් පිරිසක් ද මුල් වි කටයුතු කරමින් තිබෙනවා.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...

බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...