පන්දු හතරකදී කඩුලු හතරක් ලැබූ “හෙන්රිටි ඉසිම්වේ”

Date:


පැවත්වෙන අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී රුවන්ඩා කණ්ඩායම වාර්තා කළ පළමු ජයග්‍රහණය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 39 කින් වාර්තා කරන්නට සමත් වුණා.ඒ වෙනුවෙන් සුවිශේෂි පන්දු යැවිමක් ප්‍රදර්ශනය කළ හෙන්රිටී ඉසිම්වේ පිට පිට පන්දු හතරකදී කඩුලු හතරක් දවා ගත්තාය.ඇය සිය පන්දු ඕවර් 4 නිමා කළේ ලකුණු 13 ට කඩුලු හතරක් ලෙසයි.
දැවීයාම් හතරම සෘජුවම කඩුල්ලට එල්ල වූ පන්දු වූ අතර ඉන් දැවී යාම් තුනක් කෙළින්ම පන්දුව කඩුල්ලේ දැවටීමෙන් සිඳු වූ අතර ඉතිරි කඩුල්ල දැවී ගියේ කඩුල්ල ආවරණය කිරීමේ වරදටයි.
“ඒක කාලයක් තිස්සෙ පුරුදු වුණ දෙයක්.පන්දු හතරම යෝකර් පන්දු ලෙස යොමු කරා.
සිය දක්ෂතාවය ගැන කතා කරන හෙන්රිටී ඉසිම්වේ පවසා තිබුණා.ඇය රුවන්ඩා ජාතික කණ්ඩායමේ ද ක්‍රීඩිකාවක් වෙනවා.
මිට දශක තුනකට ආසන්න එපිට ම්ලේච්ඡ ඝාතනවලින් පිරුණු රුවන්ඩාව වෛරයේ ගිනි දළුවලින් ඈත් කර බෙදීම් බැදීම් බවට පත් කර ප්‍රේමණීය භූමියක් කිරීමට මුල් වූ දේශපාලන සහ සමාජ සංස්කරණ සිඳු කළ පෝල් කගමේ අදටත් එහි නායකත්වය දරනවා.වාර්ගික වෛරය වෙනුවට සහජීවන ප්‍රේමය සමඟ රුවන්ඩා පුරවැසියන්ගේ හැකියාවන්ගෙන් ලෝකය දිනන්නට ගන්න උත්සාහයක වසර 30 ආසන්න සැළසුම් හැටියට රුවන්ඩා ක්‍රිකට් මේ වන විට මධ්‍යම අප්‍රිකාවේ සංවර්ධනයට සමීප රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා.
ශ්‍රී ලංකාව බොහොම පිළිකුළෙන්,බියෙන් සහ හිරිකිතයකින් බැහැර කළ එම්සීජී ණය ක්‍රමය බිල්ලන් කර මැවූ ලෝකයේ අගතියට පත් රාජ්‍ය ගැන කතා බහේදී එම රැල්ල කිසිවිටෙක එම ණය ආධාර යටතේ නැගිටිමින් සිටින රුවන්ඩාව වැනි රාජ්‍යයන්ගේ තොරතුරු සමාජ ගත නොකර ඉන්නට කටයුතු කළා.අද කිසිඳු සංවර්ධන උපාය මාර්ගික සැළසුමකට වඩා රටේ ජනතාවගේ බඩගින්න වෙනුවෙන් හිඟා කන්න වී තිබෙන රටක,එම්සීජී වැනි ණය වෙනුවෙන් මතු වූ විරෝධය සහ ඒ නිසා අහිමි වූ ආර්ථිකමය වටිනාකම් ගැන කතා කෙරෙන්නේ නැහැ.රුවන්ඩාව වැනි රටට පලදායී සේ ණය මෙහෙයවන රටට ආදරේ මිනිස්සු සිටින රටක් එක ක්‍රිකට් ජයග්‍රහණයකින් නොනැවතී කාලයාගේ ඇවෑමෙන් ඕනෑම දෙයක වැදගත්කමට සහ ජයග්‍රහණවලට ඒ රටේ මානව ආකල්ප සහ දේශපාලකයන්ගේ අවංක කැපවීම වැදගත් යන්න තහවුරු කරන දවසක,මේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොවී තිබුණොත් රුවන්ඩාව ඉදිරියේ ශ්‍රී ලංකාවට ද සිම්බාබ්වේ ඉරණම අත් විය හැකියි.
සියල්ල දේශපාලනිකයි.
*අද ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම මේ තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වදිනවා.ජයග්‍රහණයට බොහෝ ඉඩ කඩ ඇති තරගයක් වුව එය සුළු අතපසුවීමකින්,අත් වරදකින්, වෙනස් විය හැකියි.ඒ නිසා නිවැරදිම දේ කර ශ්‍රී ලංකාව අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවාසන කණ්ඩායම් අට අතර රඳවන්නට විශ්මි ඇතුළු සියලු ක්‍රීඩිකාවන්ට හැකි වේවා යැයි අපි සුබ පතන්නෙමු.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...