ඉන්දීය විදෙස් ඇමති සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (20) පැවැත්වී තිබේ.

එහිදී වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි විපක්ෂ නායක කාර්යාලය පවසන්නේ.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් අඛණ්ඩව ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් එහිදී ඉල්ලීමක් කර ඇත.

එසේම දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වීය සඳහා සහ මිත්‍රශීලී පැවැත්ම පිළිබඳ සිහිපත් කර ඇති විපක්ෂ නායකවරයා එය දිනෙන් දින ශක්තිමත් වියයුතු බවත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...