දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/27

Date:

1. ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා ඒ සඳහා උනන්දුවක් දක්වන සහ සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කරයි.

2. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ භූතානය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් සමඟ කළ සාකච්ඡාව සාර්ථක වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ පළමු වාරිකය ශ්‍රී ලංකාවට ඉක්මනින් ලැබෙනු ඇතැයි ද පවසයි.

3. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා චීනය සහ ඉන්දියාව වැනි Paris Clubට අයත් නොවන සාමාජිකයින්ගේ සහභාගීත්වය සහතික කිරීම සඳහා ජපානය Paris Club සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධීකරණය කරන බව ජපාන ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් ඇමති ප්‍රකාශ කරයි – ශ්‍රී ලංකාවට IMF වෙතින් මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා මූල්‍ය සහතික කිරීම් පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව එක්සත් රාජධානිය නැවත අවධාරණය කරයි.

4. පොදු දේපල නඩුවක් සම්බන්ධයෙන් වරදකරුව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා සහ තවත් දෙදෙනෙකු කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරයි.

5. අ.පො.ස උසස් පෙළ විභාග කාලය තුළ අඛණ්ඩ විදුලිය සැපයීමට විදුලිබල අමාත්‍යාංශය, මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වූ බව මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කරයි – ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී නොමැති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි: විදුලිය කප්පාදුවක් සිඳු නොකිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට වෙහෙසෙන බව ලංකා විදුලි බලමණ්ඩලය පවසයි.

6.මහජන නොසන්සුන්තාවක් ඇති කරන ආකාරයේ අදහසක් ෆේස්බුක් හි පළ කිරීම නිසා අරගලයේ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කරයි.

7. ශ්‍රී ලංකාවේ සුළං සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන ඇතුළු රටවල් කිහිපයක සිය ව්‍යාපාර ඇති ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානි (‍ වත්කම: ඇමරිකානු ඩොලර් බිලියන 125) දූෂණ, මුදල් විශුද්ධිකරණය සහ බදු ගෙවන්නන්ගේ සොරකම් සිදු කිරීම් සඳහා අක්වෙරළ ගිණුම් ජාලයක් පාලනය කරන බවට එක්සත් ජනපද ආයෝජකයෙකු වන හිඩ්න්බර්ග් පර්යේෂණායතනය මඟින් චෝදනා කරයි – අදානි(Adani) සමූහය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ගේ කණගාටුව ද ප්‍රකාශ කරයි.

8. ඇතැම් භාණ්ඩ ආනයනය සීමා කිරීමෙන් පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 2,500ක් ඉතිරි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි – මේ හේතුවෙන් ඉන්ධන, ඖෂධ, පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් දැන් නොමැති බව ද පවසයි.

9. දූෂණය මැඩලීම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki ප්‍රකාශ කරයි – චීනය, ඉන්දියාව සහ ජපානය වැනි ශ්‍රී ලංකාවට ප්‍රධාන ණය දෙන්නන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි ධනාත්මක හැඟීම් ප්‍රකාශ කර ඇති බව ද පවසයි: ශ්‍රී ලංකාව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන වේගවත් කළ යුතු බව ද පවසයි.

10. ශ්‍රී ලංකාවේ ණය ව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීම පිටුපස චීනය සිටින බව පවසමින් චීන විරෝධී වියරුවක් ඇති නොකරන ලෙස ජාතික සංවිධාන සම්මේලනයේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග්ගෙන් ඉල්ලා සිටී – ජුලී චුන්ග් උත්සාහ කරන්නේ මිනිසුන් නොමග යවා ශ්‍රී ලංකාව සහ චීනය අතර වෛරයක් ඇති කිරීමට බව පවසයි: ඇමරිකාව පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූ බවද පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...