සජබ නොනිදන සභාවක් හදන හැටි විපක්ෂ නායක සජිත් කියයි (VIDEO)

Date:

අඛණ්ඩව ජනතා සේවය සලසන නොනිදා ප්‍රාදේශීය සභාවක් සහ පළාත් පාලන ආයතනයක් ගොඩනැගීම සමගි ජන බලවේගය ඒකායන අරමුණ බවත්, සමගි ජන බලවේගයෙන් පත්වෙන සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අනන්‍ය වූ සුවිශේෂී නීති නීතිරීති මාලාවක් තිබෙන බවත්, ඒවා උල්ලංඝනය කරන ඕණෑම මන්ත්‍රීවරයෙකුට දඬුවම් විඳීමට සිදුවන බවත්, ඔවුන් නොවරදවාම විනය පියවර ගෙන නෙරපා හරින බවත් විපක්ෂනායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් තහනම් බවත්, සභාවේ සහ මහජනතාවගේ දේපල සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා, සමගි ජන බලවේගය විසින් විනයගරුක ප්‍රාදේශීය සභාවක් ගොඩනගන බව ද අවධාරණය කළේය.

ඉතිහාසයේ කිසි දවසක සමගි ජන බලවේගය හෝ තමන් හෝ රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමට ගෙයින් ගෙට කැන්වසින් නොගිය බවත්, රැස්වීම් නොපැවැත්වූ බවත් පැවසූ විපක්ෂ නායකතුමා, රට විනාශ කළ,ජන ජීවිත සමග සෙල්ලම් කළ කිසිවෙකුට රට ගොඩනැඟීමට හැකියාවක් නැති බවද සඳහන් කළේය.

දේශපාලඥයන් ඇතුළු පිරිස් විසින් සොරා කන ලද මුදල් නැවත ලබා ගැනීම උදෙසා පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන බවත්, සර්ව පාක්ෂික කොමිෂන් සභාවක් පිහිටුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කයිවාරු මගින් මේ රට ගොඩ නැගිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා සුරංගනා කතා වලට නොරැවටී රට ගොඩනැඟිය හැක්කේ කාට ද යන්න රටේ ජනතාව තීන්දු කළ යුතු බවද සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ “නිරුත්තර රටට උත්තරයක්” මැයෙන් සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද රැස්වීමකට ඊයේ (27) දෙහිඅත්තකන්ඩියේ දී එක්වෙමින්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...

යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ…

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : යාපනය ජාත්‍යන්තර වෙළඳ...