නාවික කාන්තා පිරිමි කණ්ඩායම් සමඟ නුවර සහ පොලිසිය ජය ලබති

Date:

නිපොන් ලීග් ජාතික රගර් සූරතාවලියේ සිකුරාදා සහ සෙනසුරාදා පැවති තරගවලදි නාවික හමුදා කණ්ඩායම,මහනුවර කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම් ජය ලබා ගැනීමට සමත් වූහ. වැලිසර නාවික ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවති නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගය මෙවර තරගාවලියේ දකින්නට ලැබුණු අපූර්වතම තරගයක් බවට පත් කරන්නට නාවික ක්‍රීඩකයෝ සමත් වූහ.තරගය ඇරඹි පළමු අර්ධය ගෙවෙන විට ලකුණු 17 – 3 ක් ලෙස ඉදිරියෙන් සිටියේ ගුවන් හමුදාවය.තරගයේ ලකුණු පූවරුව ක්‍රියාත්මක කරමින් නාවික හමුදාව ලබා ගත් ලකුණු 3 පමණක් සහිතව දෙවන අර්ධයට පිවිසි නාවික හමුදා කණ්ඩායම වේගවත් සහ ජවසම්පන්න ක්‍රීඩා රටාවක් පෙන්වමින් දෙවන අර්ධය තුළ ලකුණු 29 ක් එක් කර ගන්නට සමත් විය.නමුත් ගුවන් හමුදාවට දෙවන අර්ධයේ වැටි ලකුණු වැස්සෙන් හිමි වූයේ ලකුණු 14 ක කොටසක් බැවින් තරගය අවසාන වන විට නාවික හමුදාව ලකුණු 32 – 31 ක් සේ ඉදිරියෙන් සිටියේය.
නාවික හමුදාව ලැබූ ලකුණු 32 ට උත්සාහක දිණුම් හතරක් එකතු වී තිබුණ අතර එම උත්සාහක දිණුම් හතරම ඔවුන් ලබා ගන්නේ දෙවන අර්ධයේදී ය.නාවික හමුදාව වෙනුවෙන් ජනිත් ලක්සාර,මුෂින් ෆලීල්,නිරෝෂ් පෙරේරා සහ ස්ටීවන් ග්‍රෙගරි උත්සාහක දිණුම් වාර්තා කළෝය.එම උත්සාහක දිණුම් හතරෙන් තුනක ප්‍රවර්ථන සාර්ථක කර ගනිමින් ද,නිදහස් පහර දෙකක් සාර්ථක කර ගනිමින් ද නාවික හමුදා ලකුණු පූවරුව ඉහළට එසැවීමට තිළිණ වීරසිංහ දායක විය.


නිර්මාල් වික්‍රමසිංහ,නිලන්ත ජයවිර එක් උත්සාහක දිණුම බැඟින් ගුවන් හමුදා ලකුණු පූවරුවට එක් කරද්දී පරාක්‍රම රත්නායක උත්සාහක දිණුම් දෙකක් ගුවන් හමුදාවට එක් කළේය.එම උත්සාහක දිණුම් හතරම සාර්ථක ලෙස ප්‍රවර්ථනය කළ එක් නිදහස් පහරකින් ද ගුවන් හමුදා ලකුණු පූවරුව ඉහළ දැමීමට දායක වූවේය.


අපරාජිත මහනුවර කණ්ඩායමට මේ සතියේ හැව්ලොක්ස් කණ්ඩායම හමු වූයේ හැව්ලොක්ස් පිටියේදී ය.තරගයේ ප්‍රථම අර්ධයේදීම ආක්‍රමණශීලී වූ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 22 රැස් කරේ හැව්ලොක්ස් ක්‍රීඩකයන්ව ලකුණු 3 ට සීමා කරමින්ය.දෙවන අර්ධයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයින් කරට කර එමින් ලකුණු 12 ක් එක් කර ගත්තද එහිදීත් එක ලකුණක වාසියක් රඳවා ගනිමින් මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 13 ක් රැස් කළහ.අවසාන ලකුණු පූවරුව වූයේ 35 – 15 කි.


මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරින්ද රත්වත්ත,කවිඳු පෙරේරා,ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ තිළිණ බණ්ඩාර උත්සාහක දිනුම් වාර්තා කරන්නට සමත් වූ අතර ඉන් උත්සාහක දිණුම් දෙකක ප්‍රවර්ථන සහ නිදහස් පහර තුනක් ද සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්ත සමත් විය.නයිජල් රත්වත්ත ද එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනයක් සාර්ථක කර ගනිමින් මහනුවර ලකුණු පූවරුව ඉහළ නැංවීමට දායක විය.
හැව්ලොකස් කණ්ඩායම වාර්තා කළ ලකුණු 15 ට උත්සාහක දිණුම් දෙකක් එකතු විය.ඒ සඳහා දායක වූයේ ෂෙහාන් ඩයස් සහ දිනුප සෙනවිරත්නය.වාර්තා කළ උත්සාහක දිණුම් දෙකෙන් එකක ප්‍රවර්ථනය සාර්ථකව හමාර කරන්නට සංදේශ ජයවික්‍රම සමත් වූ අතර,චානක චන්දිමාල් නිදහස් පහරක ඉලක්කය සාර්ථක කර ගත්තේය.


තරගාවලියේ අවසාන භාගයේ දී පිබිදුණු පොලිස් කණ්ඩායම මේ සතියද ජයග්‍රහණයකින් කෙළවර කළේ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට ලකුණු 27 – 22 ක පරාජයක් අත් කර දෙමින්ය.පොලිස් ක්‍රීඩකයෝ මුල් අර්ධයේ දී සියුම් ලෙස සීඑච් ක්‍රීඩකයින් අභිබවා යමින් ලකුණු 10 -09 ක් ලෙස පෙරමුණේ වූහ.දෙවන අර්ධයේදී එම පරතරය තව දුරටත් වර්ධනය කර ගනිමින් සීඑච් ක්‍රීඩකයින් තම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 13 ක් එකතු කර ගනිද්දී පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 17 ක් එක් කර ගත්හ.
පොලිස් ක්‍රීඩා සමාජයේ ලකුණු 27 ට උත්සාහක දිණුම් දෙකකින්ම දායක වූ නිසල් සමාධිට අමතරව හෆිස් තබීත් සහ අකාශ් මධුශංක ද උත්සාහක දිණුම් දෙකකින් දායකත්වය දැක් වූවේය.යොහාන් පීරිස් එම උත්සාහක දිණුම් දෙකක ප්‍රවර්ථන සාර්ථක කරමින් සහ එක් නිදහස් පහරකින් පොලිස් ලකුණු පූවරුව ඉහළ දැමීමට දායක විය.

නෙත්මිණ හිරුෂ නිදහස් පහර පහකින් සීඑච් ලකුණු පූවරුව පෝෂණය කළ අතර උත්සාහක දිණුම් හතරෙන් එකක් සාර්ථක ලෙස ප්‍රවර්ථනය කරන්නට ප්‍රශාත් මධුශංඛ සමත් විය.එම උත්සාහක දිණුමේ ප්‍රවර්ථනය ද නෙත්මිණ හිරුෂ අතින් සාර්ථක ප්‍රවර්ථනයක් බවට පත් විය.
නිපොන් පේනට් කාන්තා ලීග් සූරතාවය වෙනුවෙන් පැවති නාවික හමුදා සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර තරගයේදි නාවික ක්‍රීඩිකාවෝ වැලිසර නාවික රගර් පිටිය උත්සාහක දිණුම්වලින් නැහැවූහ.ප්‍රතිවාදී ගුවන් හමුදාවට එකඳු ලකුණක් හෝ වාර්තා කරන්නට ඉඩ නොඳුන් නාවික ක්‍රීඩිකාවෝ රැස් කළ උත්සාහක දිණුම් 11 න් තුනක්ම වාර්තා කළේ ශානිකා මදෝලි ය.නිපුනි වර්ෂවිතාන සහ සන්දිකා හේමකුමාරි උත්සාහක දිණුම් දෙක බැඟින් වාර්තා කළහ.දිලිනි පොල්හේවගේ සහ රන්දිකා කුමුදුමාලි ද උත්සාහක දිණුම් වාර්තා කරමින් පසු තරගය හමාර වූයේ ලකුණු 55 – 00 ක් සේ නාවික හමුදා ක්‍රීඩිකාවන්ට විශිෂ්ඨ ජයක් අත් කර දෙමින්ය.


ඡායාරූපවලින් දැක්වෙන්නේ නාවික හමුදා සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පිරිමි තරගයේ අවස්ථාවන් කිහිපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය