සජබ කුරුණෑගලදී බලය පෙන්වයි. සත්‍යවාදී පිටියට දැවැන්ත සෙනඟක් ! (Photos)

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය සංවිධානය කළ පළමු ජන රැළිය ඊයේ (29) කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්විණි.

එම ජන රැළියට අතිවිශාල ජනකායක් පැමිණ සිටි ආකාරය දැකගත හැකිවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැළියට රංජිත් මද්දුම බණ්ඩාර, සරත් ෆොන්සේකා, තිස්ස අත්තනායක, හර්ෂ ද සිල්වා, නලීන් බණ්ඩාර, තුෂාර ඉඳුනිල්, ජේ.සී. අලවතුවල, අශෝක් අබේසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

RN