“ඩිස්කෝ” හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් දැලේ…

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා හෙවත් “ඩිස්කෝ” නැමති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග අත්අඩංගුවට පත්ව ඇත.

42 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ නිවස පරීක්ෂා කිරීමේ දී තියුණු ආයුධ 4ක් සහ ඇය සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 14ක් සොයාගෙන ඇත.

විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව (29) දින මෝදර, පන්සල පාර, කොළඹ 15 යන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණු අතර සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදෙස්ගතව ප්‍රංශයේ ජීවත්වන “රූබන්” නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ ඍජු සබඳතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල ලබාදෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...