ජන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න නම් ඉස්සෙල්ල සල්ලි ඕනේ – රාජ්‍ය ඇමති (VIDEO)

Date:

මුද්‍රණ දෙපාර්තමේන්තුව ලෙස ජන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වගකීමට බැඳී සිටියද තවමත් ඒ සඳහා මුදල් ලැබී නැති බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මීට පෙරද සිදුකරන ලද මැතිවරණ කොමිසමේ වැඩවලින් රු.මිලියන 18ක් ලැබීමට ඇති බවත් එයද තවම ලැබී නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මූලික කටයුතු සිදුකිරීමට රු. මිලියන 100ක අත්තිකාරම් මුදලක් ඉල්ලා ඇති අතර එයද තවමත් ලැබී නැති බව ඔහු කියාසිටියි.

ආයතනයේ සේවක වැටුප් ගෙවන්නේද ඉතා අපහසුවෙන් වන අතර දෙසැම්බර් මස වැටුප් ගෙවන ලද්දේ ජනාධිපතිවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සහයෙන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

පාඩු ලබන ආයතනයක් ලෙස මුදල නොමැතිව කිසිසේත් මුද්‍රණ කටයුතු සිදුකළ නොහැකි බව හෙතෙම අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...