රටක මහ බැංකු අධිපතිට පුළුවන් රටක් ගොඩගන්නත් විනාශකරන්නත්! (VIDEO)

Date:

රටක් ලෙස වැරදුණු තැන හඳුනාගෙන එම වැරදි පිළිගන්නා තෙක් ඒවා නිවැරදි කරගැනීමට නොහැකි බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ආර්ථිකය කඩා වැටීම හමුවේ අපේ මානසිකත්වය පවතින්නේ මෙතනින් පලායාම නම් 1946දී ජපානයට පරමාණු බෝම්බ දමා කළ ව්‍යසනයේදී ජපන්නු හිතුවා නම් පැනල ගිහින් වෙන කොහේ හරි ජිවත් වෙන්න අද ජපානය කොහෙද තියෙන්නේ යන ප්‍රශ්නය තමන් නගන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

1977 දී ශ්‍රී ලංකාව ආර්ථිකය විවෘත කරද්දී මෙරට ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් සකස් නොකළ නමුත් ඉන්දියාව චීනය යන රටවල් එය නිසිපරිදි සිදුකළ හෙයින් ඔවුන්ගේ කෘෂිකර්මාන්තය මෙන්ම කර්මාන්ත කඩා නොවැටුණු බව අමාත්‍යවරයා කියා සිටියි.

එමෙන්ම රටක් ගොඩගැනීමට මෙන්ම රටක් විනාශකිරීමට රටක මහ බැංකු අධිපති තනතුරට හැකි බවත් එය 2005 වසරේ සිට සිදු වූ බවත් සුදුසු පුද්ගලයින් සුදුසු තැන්වලට පත් නොකිරීමේ එම වැරැද්ද මෙරට දේශපාලකයින් භාරගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (31)දේශීයව එකලස් කරන ලද සේනාරෝ GN 125 යතුරු පැදිය දේශීය වෙළෙඳ පොළට හදුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : විස්තීරණ අරමුදල් පහසුකම්...

ජනපති ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : ජර්මානු ෆෙඩරල් ජනරජයේ...

අනතුරට පත් එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මඟින් 242ක් රැගෙන...

බන්ධනාගාර ක්ලීන් කිරීම අරඹයි! ඉහළ නිලධාරීන්ගේ වත්කම් ගැන විමර්ශන!

කොළඹ LNW:දිවයින පුරා තිබෙන සියළුම බන්ධනාගාර පරිපාලනය කරනු ලබන...