සමගි ජන බලවේගය කරන්නේ ‘දේශපාලනය’ නොව ‘දේශ සේවය’ යි – විපක්ෂ නායක (VIDEO)

Date:

දේශපාලනයන්ගේ කතා අහපු පොරොන්දු අහපු ජනතාවට තවදුරටත් දේශපාලකයන්ගේ කතා සහ පොරොන්දු ඇසීම නීරස වී ඇත්තේ එම කතා සහ පොරොන්දු ඉටු නොවූ නිසා වුවත් සමගි ජන බලවේගය සෑම අවස්ථාවකමට සිදු කරන්නේ ‘දේශපාලනය’ නොව ‘දේශ සේවය’ බවත් එය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී්වරයාගේ සිට පළාත් පාලන ආයතන තුළ සිටින මන්ත්‍රීවරුන් දක්වා වලංගු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම පැහැදිලි වෙනස මාර්තු 9 වැනිදායි පසුව වුවද එක හා සමානව ක්‍රියාත්මක බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (31) මඩකලපුව පද්දිරිපුව ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි..

රට විනාශ කළ ගෝඨාභය ආණ්ඩුව මුලින්ම විනාශ කළේ ගොවියා බවත් ගොවියාට අවැසි පොහොර, බීජ, වල්නාශක ආදී සියල්ල නැති කරමින් ඔවුන් ජන පීඩක ආණ්ඩුවක් බවට පත් වූ බවත් එබැවින් එම යුගය අවසන් කර පොදු ජනතාව ශක්තිමත් කරවීමට මාර්තු 9 වැනි දා සමගි ජන බලවේගයට ඡන්දය ලබා දෙන ලෙසත් ඒ මහතා එහිදී ඉල්ලා සිටියේය.

මාර්තු 9 වැනිදායින් පසුව නැවතත් තමා පැමිණෙන්නේ මඩකලපුව ප්‍රදේශයට සංවර්ධනයේ අරුණළු රැගෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...