“මේ අපේ දේශයයි!”

Date:

කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් නිර්මාණය වී ඇති “මේ අපේ දේශයයි” ගීතය මව් රටට ඇති ආදරය හඟවන ගීතයකි.

ශ්‍රී ලංකාවේ වැදගත්කම, ශ්‍රී ලාංකිකයන් ලෙස නැඟීසිටීමට අප එක්ව කටයුතු කරන්නේ කෙසේ ද යන්න මෙ තුළින් මනාව පිළිබිඹු කරයි. මේ එලැඹ ඇත්තේ වසර දෙදහස් පන්සියයකට වැඩි ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අපගේ මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටීමට සහ ධෛර්යවත් විය යුතු සමයයි.

2004 වසරෙහි ඇති වූ සුනාමි ඛේදවාචකය අරඹයා නිර්මාණය වූ මෙම තනුවට නව මුහුණුවරක් ලබා දෙමින් නිදහසට නව අරුතක් එක් කිරීමට මෙමනිර්මාණය සමත් ව ඇත.

භාතිය සහ සන්තුෂ්, ශානිකා, තීක්ෂණ, ලතා වල්පොල, ශිවකුමාර්, මහින්දකුමාර්, සොහාන්, කොරින්, අශාන්ති, නටාෂා, ලහිරු, ඉෂිනි, රොවන්, ගයාන්, චෙවාන්, බාචි, දසුන්, නුවන් ගුණවර්ධන, සමන්, රූනි, සංක, ඉෂාක් බෙග්, නිහාල් නෙල්සන්, අශාන්, සරිත් සහ සුරිත්, ඕලු, නදිනි, උමාරා ආදී බොහෝ කලා ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙම ගීතයට පණ පෙවීමට තම දායකත්වය ලබා දී තිබේ.

ඉන් විශේෂත්වයක් වන්නේ අද අප අතරේ නොසිටියත් තම රසික හඳවත් ඇඳ බැඳ ගැනීමට සමත්කම් දැක්වූ කලාකරුවන් වන සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන් ආදී කලාකරුවන් ද මෙම නිර්මාණයට දායක වී තිබීමයි.


මේ ඔබ අප එක්ව වැරෙන් ‘ශ්‍රී ලංකා’ කියන්නට කාලයයි.

ඉතින් අපි රස විඳිමු!
( 75 වන ජාතික නිදහස් දිනයට සමඟාමීව)

Nipuni Liyanage

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...