‘බදු බර,බඩු මිල පහත හෙළනු’ – නිදහස දා අන්තරේ පාරට (VIDEO)

ජීවන වියදම පහළ දැමීම,බදු බර අඩු කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන කරුණු මුල්කරගෙන අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මැදිහත්වීමෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

නිදහස උත්කර්ෂවත් ලෙස සැමරුවද ජනතාවට ජීවත් වීමේ නිදහස අහිමි කර තිබෙන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙම උද්ඝෝෂණයට වෘත්තීය සමිති,සිවිල් කණ්ඩායම් මෙන්ම දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින් පිරිස සහභාගී වී සිටියහ.

මේ අතර පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වෙතඅධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...