මම පැයකට ලිට්‍රෝ සභාපති වෙලා රටේ ගෑස් ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳුවා – රේණුක (VIDEO)

0
858

තමන් ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙහි කටයුතු කළ පැයක කාලය තුළ රටේ ගෑස් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකිවුණු බව මිල්කෝ සමාගමේ නව සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් ඔබතුමා රාජ්‍ය ආයතන කිහිපයකම හිටියා දැක්කා අපි ළඟ ළඟ. දැන් මෙතන තමා නතර වෙලා තියෙන්නෙ. මෙතන කොච්චර කල් ඉන්න පුළුවන් වෙයිද ?

”පුළුවන් තරම් කල් කරමු. හරි දේ කරමු … ආසන්න වශයෙන් ඔබ මේ අහන්නෙ ලිට්‍රෝ ආයතනයේ පත්කිරීම සම්බන්ධව නෙ. රට පුරා ලොකු අර්බුදයක් ගෑස් සම්බන්ධව මතුවෙලා තිබිච්ච අවස්ථාවක, මට මතක හැටියට ජනවාරි 03 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා විමසීමක් කරලා තිබ්බා අර්බුදය දරුණු තත්වයක තියෙනවා, ඒ නිසා මේ ආයතනය බාරගෙන කටයුතු කරන්න පුළුවන්ද කියලා. ඒ කටයුත්ත වෙන අතරේ ජනාධිපතිතුමා සැලසුම් කරලා තිබුණා ලිට්‍රෝ ආයතනය අධීක්ෂණය කරන්න. කෙසේවෙතත් එතුමා අධීක්ෂණය කළාට පස්සෙ එතුමා මට ඉතාමත්ම සුහදව කතා කරලා කිව්වා මේ ආයතනය නැවෙන් එන ගෑස් ටික සිලින්ඩර්වල පුරවලා මාකට් එකට යවන්න විතරයි තියෙන්නෙ. ඊට වඩා දෙයක් රේණුකට කරන්න පුළුවන්, ඒ නිසා මම යෝජනා කරනවා මිල්කෝ ආයතනය සුදුසුයි කියලා. මේකෙ අපේ රටේ කිරි නිෂ්පාදනය ඉහළ නංවන්න. ඒ අනුව තමයි මේ වෙනස්කම සිද්ධ වුණේ. හැබැයි මම සතුටු වෙනවා ඒ පැයක සභාපති කියලා මාධ්‍ය වාර්තා කරනවා – හැබැයි ඒ පැය තුළ මගේ පත්කිරීමත් එක්ක රටේ ගෑස් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නැතිවෙලා තියෙනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ අනියමින් කොහේහරි කොණක ඔබතුමාගේ ඕඩර් එකක් මත …. ?

”මං හිතන්නෙ ඒකට උත්තරයක් දියයුතු නෑ, ඔබත් අවබෝධයෙන් යුක්තව ඔය ප්‍රශ්නය අහන්නෙ”

රේණුක පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (21) මිල්කෝ ආයතනයේ සභාපති තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here