පැයක දෙකක විදුලි කප්පාදුවට වඩා කර්මාන්තවල පැවැත්මට බලපාන වෙනත් ප්‍රශ්නයක් තිබෙනවා – විමල්

Date:

පැයක දෙකක විදුලි කප්පාදුවකට වඩා රටේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පා සිටින ප්‍රධානතම අර්බුදය ආනයනික අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

”ණයවර ලිපි නිකුත් කරගැනීමේ, LC ඕපන් කරගැනීමේ අර්බුදයක් තිබෙනවා. එනිසා බොහෝ කර්මාන්තකරුවන් විශාල අසීරුතාවයකට මුහුණපාලා තිබෙනවා. ඒ ගැන සාකච්ඡා කිරීමේදී අමාත්‍ය මණ්ඩලයේදී මම යෝජනාවක් කළා, මේ අමුද්‍රව්‍ය ආනයනය කරන රටවල් ගොඩක් නෑ, කීපයක් තියෙන්නෙ, අඩු ගාණෙ ඒ රටවල් එකක් හෝ දෙකක් සමග සාකච්ඡා කරලා විශේෂ ක්‍රෙඩිට් ලයින් එකක්වත් අමුද්‍රව්‍ය සඳහා පමණක් ලබාගැනීමට කටයුතු කිරීම තමයි මේ අවස්ථාවේ තියෙන හොඳම විසඳුම කියලා. පැයක දෙකක විදුලි කප්පාදුවට වඩා කර්මාන්තවල පැවැත්ම සම්බන්ධයෙන් අද මතුවී තිබෙන ප්‍රධානතම අභියෝගය තමයි මේ ආනයනික අමුද්‍රව්‍ය ලබාගැනීම පිළිබඳ ප්‍රශ්නය”

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතක තියා ගන්න මේක උන්ට ගිය රට නෙවෙයි – ‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි!

කොළඹ LNW:සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු...

බංගලාදේශයට එරෙහිව ලද පළමු පරාජයේ අමිහිර විසින් ශ්‍රී ලංකාව තෙවන තැනට ඇඳ දමයි

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW: මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල්...

ජාතික ආරක්ෂාව උඩ අරන් ආණ්ඩුව වැදගත් ප්‍රශ්න යට ගහනවා – නාමල්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : අලුතින් සිතන, නව...

කොළඹ අවටින් පිරිමි මෘත ශරීර තුනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : නාඳුනන පිරිමි මෘත...