ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ අභිරහස් මරණය පිළිබඳ පරීක්ෂණ ඇරඹේ

0
991

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ, ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බවයි.

මේ වනවිටත් ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.

ඊයේ (05) දින උදෑසන ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයක මිය ගොස් ඇති බව වාර්තා වූ අතර, ඔහු ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකි.

සබැඳි පුවත්:

රෂිකා හෙන්නායක