ඌව පලාතෙන් ලංකා කම්කරු කොංග්‍රසය යටතේ තරඟ කරන අපේක්ෂකයින්ගේ හමුවක්

බදුල්ල (LNW): මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා ඌව පලාතෙන් ලංකා කම්කරු කොංග්‍රසය යටතේ තරඟ කරන අපේක්ෂකයින්ගේ හමුවක් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රදානත්වයෙන් අද (05) දා  බණ්ඩාරවෙල මහ නඟර සභා ශාලාවේදී පැවැත්විණි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ඌව පලාත් සභාපති හා හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති  අශෝක් කුමාර් මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි.

ලංකා කම්කරු කොංගසයේ උප සභාපති භරත් අරුල්සාමි මහතා ඇතුළු ඌව පලාත් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමග ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.