ඩොලර් මිලියන 455ක් ඉපයූ දේශීය කුළුබඩු

Date:

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක ලින්දර මහතා පවසන්නේ පසුගිය වසරේ දේශීය කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක් ඉපයූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“කුරුඳු, ගම්මිරිස්, කරාබු, සාදික්කා ඇතුළු කුළුබඩු මෙට්‍රික් ටොන් 58,000ක් අපනයන කිරීමෙන් මේ ආදායම උපයා තිබෙනවා. එම මුදල රුපියල්වලින් ගණනය කිරීමේදී ආසන්න වශයෙන් කෝටි 15,000ක් පමණ වෙනවා. පසුගිය වසරේදී වැඩිම අපනයන ආදායමක් ලැබී තිබෙන්නේ කුරුඳුවලින්. එම අගය ඩොලර් මිලියන 217ක්. මේ මුදල ගැනීමට කුරුඳු මෙට්‍රික් ටොන් 18,200ක් අපනයනය කර තිබෙනවා.

ගම්මිරිස් මෙට්‍රික් ටොන් 11,500ක් අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 75ක් රටට ලැබී තිබෙනවා. ගෝලීය කුළුබඩු වෙළෙඳ පොළේ ඩොලර් බිලියන 13.5ක පමණ මුදලක් සංසරණය වන රටක් ලෙස අප හිමිකම් කියන්නේ එයින් බිලියන 0.5ක කොටසකට පමණයි. මේ වසරේ එම කොටස 0.6ක පමණ අගයක් දක්වා වර්ධනය කර ගැනීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...