දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම හා හරිත ආර්ථිකයක් ගොඩනැංවීමට ගිවිසුමක්

Date:

ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ හරිත වර්ධක සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය හා ලෝක හරිත වර්ධක ආයතනය (GGGI) අතර ගිවිසුමකට අත්සන් තැබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලෝක හරිත වර්ධක ආයතනයේ සභාපති හා එක්සත් ජාතීන්‍‍ගේ හිටපු මහ‍ ලේකම් බන් කී මූන් මහතා ඉදිරියේ ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබීය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ සහ ලෝක හරිත වර්ධක ආයතනයේ හි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිෂ්බමාන් (Frank Rijsberman) යන මහත්වරුන් විසින් ගිවිසුමට අත්සන් තබන ලදී.

රට තුළ හරිත වර්ධන මූලාරම්භයන් වඩාත් ඵලදායී ලෙස සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට මෙම ගිවිසුම මඟින් හැකියාව ලැබෙයි.

මෙම ගිවිසුම මඟින් අනාවරණය වන ආයතනවල ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා හරිත දේශගුණික අරමුදල (GCF) විසින් අරමුදල් සපයනු ලබන ජාතික අනුවර්තන සැලැස්ම (NAP) සහ ඒ සඳහා සූදානම් කිරීම‍ට සහාය වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ද ඊට ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතියට පළාත් අනුවර්තන සැලසුම් සංවර්ධනය කිරීම සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා දේශගුණ අනුවර්තන ආයෝජන හඳුනා ගැනීම ද ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාව 2019 දී ලෝක හරිත වර්ධක ආයතනයේ (GGGI) සාමාජිකයෙකු ලෙස එක් වූ අතර, 2022 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව එම ආයතනයේ උප සභාපති සහ ලෝක හරිත වර්ධක ආයතනයේ උප සභාපති ලෙස තේරී පත් විය.

ලෝක හරිත වර්ධක ආයතනය සංවර්ධනය වෙමින් පවතින රටවල සහ නැගී එන ආර්ථිකයන්ට තිරසාර ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහාය දැක්වීමට කැපවී සිටියි.

එසේම එය හරිත වර්ධන සැලසුම්, ප්‍රතිපත්ති සහ රෙගුලාසි, හරිත ආයෝජන බලමුළු ගැන්වීම, හරිත වර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති උපදෙස් සහ තාක්ෂණික සහාය ලබා දීම, අඩු කාබන් හරිත ආර්ථිකයන් බවට සාමාජික රටවල් පර්වර්තනය කිරිම සඳහා සක්‍රීය පහසුකම් සපයන්නෙකුගේ කාර්යභාරය ඉටු කරයි.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති උපදේශක ආනන්ද මල්ලවතන්ත්‍රි, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් ජියොන්ග්, ලෝක හරිත වර්ධක ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂ ඩේව් එච් කිම්, වැඩසටහන් ප්‍රධානී, ආචාර්ය අචලා අබේසිංහ සහ ආචාර්ය සොනාලි සේනාරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...