ජනපති රාජාසන කතාව අරඹයි…

Date:

පාර්ලිමේන්තු නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ වූයේ අද (08) පෙරවරු 9.30 ටය. ඊට සහභාගී වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධකන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ පැමිණිම පළමුව සිදුවුණි.

ඉන්පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පෙරවරු 9.40ට සිදුවූ අතර කථානායකවරයා විසින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

දැන් ආර්ථිකය යම් ස්ථාවරයක් ඇති වෙලා තියෙනවා. ජනතාවට කිසියම් අස්වැසිල්ලක් දැනෙවා. අනතුරදායක වැල්පාලමේ ශ්‍රී ලංකා මාතව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්න අපිට පුළුවන් වෙලා තියෙනවා යැයි ජනාධිපතිවරයා පවසයි.

“පසුගිය කාලය තුළ ගත් පියවර නිසා මේ පීඩනය හෙමින් හෙමින් අඩුකරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. දැන් ආර්ථිකය යම් ස්ථාවරයක් ඇති වෙලා තියෙනවා. ජනතාවට කිසියම් අස්වැසිල්ලක් දැනෙවා. අනතුරදායක වැල්පාලමේ ශ්‍රී ලංකා මාතව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි ඒ අවේ ලේහෙසි පහසු ගමනක් නෙමෙයි. හැබැයි ගමන තවම ඉවර නැහැ. බිඳ වැටීමට ඔන්න මෙන්න කියා තිබුණ රජ්‍යය මුල්‍ය පද්ධතිය සුරක්ෂිත කරන්න කැප වුණා…

“මතක තබා ගන්න මට ඕනේ ජනප්‍රිය නෙමෙයි. මට අවශ්‍ය මේ රට වැටී ඇති අර්බුදයෙන් යළිත් ගොඩ නැංවීමටයි. ඔව් රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් බොහෝදෙනෙක් ට අවබෝධ වෙයි. බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ දැමිය යුතු බව සමහරු කියනවා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය අහෝසි කළ යුතු බව සමහරු කියනවා. මේ බදු පැනවුයේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් අපි කැමති දේ කළ පමණින් රට ගොඩනගන්න බෑ. අකමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුයි. උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රු බිලියන 100ක් අහිමිවෙනවා. බදු සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවුවොත් රටට බිලියන 63ක් අහිමිවෙනවා. අහිමිවෙන සම්පුර්ණ මුදල රු 163ක්. මේ මුදල අහිමිකර ගන්න පුළුවන් තැනක නෙමෙයි අපි අද ඉන්නේ…

සමාජයේ සියලු කොටස්වල ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස 5ක් 6ක් වැනි කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපිට විසඳුමක් වෙත යන්න පුළුවන්. මේ විදිහට ඉදිරියට ගියොත් අවුරුද්දේ 3 වෙනි 4 වෙනි කාර්තුවේදී රජයේ සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදෙන්න අපිට පුළුවන්. පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජවතාවගේ අතමිට අදට වඩා සරුකරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොලිය අඩුකරන්න පුළුවන්. තව අවුරුදු තුනක් ගතවෙද්දී අද ලබන ආදායමට වඩා 75%ක් පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්…”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...