ජනපති මැදුරෙන් හමුවූ මුදල් අසරණ ජනතාවට ලබාදීමට තිබූ මුදල් බව CID ය පවසයි

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පෙන්වා දුන්නේ අරගලකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්ධිරයේ තිබියදී සොයාගත් මුදල්, අසරණ ජනතාවට බෙදා දීමට සූදානම්කර තිබුණු මුදල් බවයි.

කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී පසුගිය දා අරගලකරුවන් විසින් සොයාගෙන කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහස තමාගේ බවත් , එම මුදල් රටේ අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් ප්‍රකාශය අනුව අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවසයි.

එම මුදල් හිටපු ජනාධිපතිවරයා වෙත නැවත භාර දීමට නියෝග කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිගුප්ත සේනාධීර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඊට විරෝධය පළ කර ඇත.

අදාළ මුදල් හිටපු ජනාධිපතිවරයා උපයා ගත් ආකාරය හෝ ඒවා ඔහුට ලැබුණු ආකාරය ඔහු ලබා දුන් ප්‍රකාශ අනුව අනාවරණය කර නොමැති අතර ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විමර්ශනයක් ද සිදු කර නොමැති බව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා පවසා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...

කවීජ ගමගේ තුන් ඉරියව් දස්කම්වලින් ලංකාවට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය...

නාමල් රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රන්දෙවොල බිඳ වැටෙයි : “කුසට සාගිනි හදට සෝගිනි” බයිලාද ? 76 වසරක සාපය තිබිලා තියෙන්නේ අපිට විතරමද ?

එතකොට "කුසට සාගිනි හදට සෝගිනි" වගේ විමුක්ති ගී සිරිමගෙ...