අද ජනතාව ප්‍රශ්න කියන්නේ සමගි ජන බලවේගයටයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මේ රටේ ජනතාව රටේ සෞඛ්‍ය පද්ධතිය දියුණු කරන්න යැයි ඉල්ලා සිටින්නේත්, අධ්‍යාපන පද්ධතිය නගාසිටුවීමට උදව් කරන්නැයි ඉල්ලා සිටින්නේත් ආණ්ඩුවෙන් හෝ, අගමැතිවරයාගෙන් හෝ, ජනාධිපතිවරයාගෙන් හෝ නොව සමගි ජන බලවේගයෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ කිසිවක් ආණ්ඩුවෙන් ඉල්ලා පලක් නැති බව ජනතාව දන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා රට බංකොලොත් වී ඇති තත්ත්වයක් තුළ පවා සමගි ජන බලවේගය රටට අගයක් එකතු කරන කටයුතු සිදුකර ඇති බව පෙන්වා දුන්නේය.

මේ රටේ පොදු දේපල ඇතුළු මුදල් සොරා කෑ යුගය රාජපක්ෂ යුගය බව පැවසුව විපක්ෂ නායකවරයා ගේ රට ගොඩනැගීමට නොහැකිව ඇත්තේ ද ඒ මහා මංකොල්ලය නිසා බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කුණ්ඩසාලේ දිගන ප්‍රදේශයේදී පසුගියදා (08) පැවති ජන හමුවක් අමතමිනි.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...