ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීම වගේම, ඒවා ලියාපදිංචි නොකිරීමත් බරපතල මාෆියාවක්! – රවී කුමුදේශ්

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීම මෙන්ම, එලෙස ගෙන්වූ ඖෂධ ලියාපදිංචි නොකර සිටීම ද බරපතල මාෆියාවක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (12) දින නිකුත් කළ නිවේදනයක් හරහා ය.

“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පවතින්නේ හදිසි අපදාමය තත්වයක. ඒ බව ඖෂධ නියාමන අධිකාරිය හඳුනාගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ. ඖෂධ නියාමන අධිකාරි පනත ප්‍රතිපාදන ඖෂධ සහ සෞඛ්‍ය සැපයුම් ඒකාධිකාරියකට පාර කපලා තිබෙනවා.

ඉන්දීය ණය අධාර යටතේ හෝ පවතින ආර්ථික අර්බුධයට ගැලපෙන අළුත් සැපයුම් කරුවන් වෙළඳපලට ඇතුළුවීමට අධෛර්‍යට පත්, ඇතැම් සමාගම් ඒජන්තයින් විසින් නියාමන අධිකාරියට මුවා වෙමින් සිදු කර ලද්දක්. රටට පහසුවෙන් භාවිත කල හැකි මුල්‍යම හැකිවන්ට ගැලපෙන සැපයුම්කරුවන් දිරිමත් කිරීම වෙනුවට, අධිකාරියේ ක්‍රමය සැලකිලිමත් වුණේ ඒ වටා සිටින අයගේ වාසි සහ වරදාන් පිළිබඳව. ඒ නිසාම ඉනිදීය ණය ආධාර යටතේ පහසුවෙන් සපයා ගත හැකිව තිබුණු සෞඛ්‍ය සැපයුම් නොලැබී ගියා. බෝහෝ ඒවා ප්‍රමාද වුණා.

ඉන්දීයන් සැපයුම් වුවමණාවෙන් මගහැරීම, ප්‍රමාද කිරීම, වලංගු කිරීමේ ක්‍රියාවලියට බරපතල බාධා ඇති කිරීම, මේ වන විට අප මුහුණ දෙමින් සිටින සෞඛ්‍ය අර්බුධයට ප්‍රධාන හේතුවක්. ඒක මුල්‍ය අර්බුධයම කියලා කිසිසේත්ම කියන්න බැහැ.

තරඟකාරී නොවන මිලට, ලියාපදිංචි නොකල ඖෂධ රටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු විවිධ පාර්ශව පාර කපාගෙන ඇත්තේද, ඇතැම් විශේෂඥයින්ගේ සහ නියාමන අධිකාරියේ වැරදි හැසිරීම භාවිතා කරලා. ඒ නිසා ලියාපදිංචි නොකල ඖෂධ හෝ සෞඛ්‍ය සැපයුම් ගෙන්වීම පිළිබඳව, ඒවා වලක්වන්න ස්ථාපිතකර තිබෙන නියාමන අධිකාරිය වග කියන්න ඕනේ. ප්‍රායෝගික නොවන, ඒකාධිකාරය රකින ක්‍රමයක් හදපු අයත් වග කියන්න ඕනේ.

ලියාපදිංචිය නැති ඒවා රටට එන්නේ, ලියාපදිංචිය ලබාදෙන ක්‍රමයේ වැරදි නිසා. ඒ ක්‍රමය පහසුකම් නොසලසන නිසා. ඒ ක්‍රමය මාෆියාවන්ට යට වෙලා තිබෙන නිසා. මේ අර්බුධයට මුහුණ දීම සදහා නියාමන අධිකාරිය අළුත් සැපයුම්කරුවන් ඇතුළු කර ගැනීමට කරන බාධාවන් නවතා දමලා, කෙටි කාලයකින් අවශ්‍ය ලියාපදිංචි කිරීම ලබා දිය හැකි ප්‍රායෝගික ක්‍රමයකට යා යුතුයි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...