කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය සඳුදා සිට සංශෝධනය වේ!

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය එළඹෙන සඳුදා(24) දින සිට සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

එම සංශෝධනය සමග මෙතෙක් පැවති පූර්ණ වෙළෙඳපොළ ප්‍රාග්ධන පදනම වෙනුවට චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධන (Float Adjusted Market Capitalization) පදනම, සියලු කොටස් මිල දර්ශක අගය ගණනය කිරීම සඳහා යොදා ගැනෙනු ඇති බව වාර්තා වේ.

කොළඹ කොටස් හුවමාරුවේ මූලික මිනුම් සලකුණ ලෙස සැලකෙන සියලු කොටස් මිල දර්ශක අගය(ASPI) හා එහි ප්‍රතිලාභ දර්ශකය ගණනය කිරීමට මෙතෙක් කාලයක් එහි ලැයිස්තුගත සමාගම් වල නිකුත් කරන ලද මුළු කොටස් ප්‍රමාණය භාවිතා කරන ලදී.

අදාළ සුරැකුම්පතෙහි මුළු වෙළෙඳපොළ ප්‍රාග්ධනයට පදනම් වූයේ සියලුම ලැයිස්තුගත ඡන්ද බලය හිමි කොටස් හා හිමි නොවන කොටස් සියල්ලෙහිම මිල වෙනස් වීම හරහා දර්ශකයට වන බලපෑමයි.

ඒ ගණනයේදී මහජනයා සතුව පවතින කොටස් ප්‍රතිශතය සැලකිල්ලට ලක් නොවුනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...