පුද්ගලයකුට මාරක ප්‍රහාර සිදුකිරීමේ චෝදනාවට 16 හැවිරිදි පිරිමි දරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): අලුත්ගම-මතුගම ගල්මන්ත ප්‍රදේශයේ දී පුද්ගලයකුට මාරක ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව මත 16 හැවිරිදි පිරිමි දරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පහර දීමෙන් මිය ගිය පුද්ගලයා 34 හැවිරිදි වලගෙදර කුරුදිප්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණයට පත් පුද්ගලයා නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඊයේ (14) දින සවස නිවසින් බැහැරව ගොස් ඇති අතර, එහිදී සැකකාර පිරිමි දරුවන් සමඟ සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව මෙම පහර දීම සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයා සීනාවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

වැලිපෙන්න පොලීසිය විසින් සැකකාර පිරිමි දරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දියත් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...