*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

වරාය නගරයේ ආයෝජන කටයුතු පිළිබඳ ඇත්තේ ප්‍රශංසනීය තත්ත්වයක්

පසුගිය කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, ඉරානය, සහ එක්සත් රාජධානිය යන රටවල දූත පිරිස් කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා මෙරටට පැමිණි අතර මේ වනවිට වරාය නගරයේ ආයෝජනය කටයුතු පිළිබඳ ඇත්තේ ප්‍රසංසනීය තත්ත්වයකි.

කොළඹ වරාය නගරයේ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සියලුම සේවාවන් සහ පහසුකම් සලසන ආයතනය ලෙස කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවන ලැබූවේ, 2021 මැයි මාසයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්මත වීමත් සමගයි.

2023 ජනවාරි මාසයේදී එහි වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කරන ලද අතර, එය ආයෝජකයන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබාගත හැකි ආකාරයට සැලසුම් කර ඇත. එමෙන්ම එය කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මෙන්ම ව්‍යාපෘතියට අදාළ අනෙකුත් පාර්ශ්වයන් සමග සෘජුව සම්බන්ධ වීමේ අවස්ථාවද සලසා දෙයි. මෙම වෙබ් අඩවිය දියත් කිරීම කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වැදගත් සංධිස්ථානයක් වන අතර, ලොව පුරා ආයෝජකයන් ව්‍යාපෘතිය කෙරෙහි උනන්දුව පළකරමින් සිටින මේ මොහොතේ, ආයෝජන සම්බන්ධතා ගොඩනංවා ගැනීම සඳහා එය මහෝපකාරී වනු ඇත.

2023 වසරේ ජනවාරි මාසයේදී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සභාපතීත්වය දරන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී මතුකරන ලද කරුණු සම්බන්ධයෙන් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මගින් ගෙන ඇති ඉක්මන් පියවර පිළිබඳව මෑතකදී එම කාරක සභාවේ ප්‍රශංසාව හිමි විය. කාරක සභාව විසින් කොළඹ වරාය නගර කොමිෂන් සභාව කැඳවනු ලැබීමෙන් අනතුරුව, කොළඹ වරාය නගර භූමිය තුළ පිහිටුවනු ලබන ව්‍යාපාර වල නීත්‍යානුකූලභාවය සහ ඒවායේ විෂයපථය කේන්ද්‍ර කරගත් සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී කාරක සභාව විවිධ බදු ප්‍රතිපත්ති උපුටා දක්වමින්, කොළඹ වරාය නගරයෙන් පිටත ව්‍යාපාර කිරීමට තෝරාගැනීමේ නිදහස ඇති අයදුම්කරුවන්ගේ වරප්‍රසාද පිළිබඳව ප්‍රශ්නය මතුකරන ලදි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පවසන්නේ වැටුප් සම්බන්ධයෙන් තමන්ට අදාළ වෙනම මානව සම්පත් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට ව්‍යාපාර වලට හැකියාව ඇති නමුත් අනාගතයේ දී මෙය දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවයි.

මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, අධිභාර සහ දඩ මුදල් පිළිබඳව ප්‍රශ්න කළ අතර, ඒ සම්බන්ධ දඬුවම්වල පරාමිතීන් තීරණය කිරීම සඳහා තමන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ නියාමකයින් සමඟ කටයුතු කරමින් සිටින බව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව තහවුරු කළේ ය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතට අනුකූලව කොළඹ වරාය නගරය තුළ ස්ථාපිත කරනු ලබන බේරුම්කරණ ආයතනය මූලික මට්ටමින් ගැටුම් නිරාකරණය සඳහා මැදිහත් වනු ඇති නමුත්, සියලු අධිකරණමය කටයුතු ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත් සහ අනෙකුත් අධිකරණවල විභාග කෙරෙනු ඇති බව මෙහිදී පෙන්වා දෙන ලදි. බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පැහැදිලි කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන යෙදිය යුතුය යන එකඟතාවට යටත්ව, සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලද සියලුම ගැසට් පත්‍රවලට අනුමැතිය හිමි විය.

2023 වර්ෂයේ අවසානය වන විට “කැසිනෝ” කටයුතු සම්බන්ධ නියාමන අධිකාරියක් පිහිටුවන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැනටමත් මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී තිබේ. මේ සම්බන්ධව කොළඹ වරාය නගරය කොමිෂන් සභාවෙහි නිලධාරීන්ද සම්බන්ධ කරගන්නා ලෙසට කමිටුව උපදෙස් දෙන ලදී. අධිකරණ කටයුතු සඳහා වන විධිවිධාන ඉදිරියේදී සමාලෝචනය කරනු ඇති බව නීතිපති කාර්යාලය තහවුරු කර ඇත.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan