රට බංකොලොත් කිරීමත් එසේ කළ පුද්ගලයන් රැකීමත් මූල්‍ය අපරාධයක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

රටේ ජනතාවට ඇති ජීවත් වීමේ මූලික අයිතිය උල්ලංඝනය කිරීමත් එම විනාශය වසන් කිරීමටත් රට විනාශ කළ රට බංකොලොත් කළ පුද්ගලයන් රැකීමට තමන්ට හිතවත් පුද්ගලයකු ජනාධිපතිවරයකු ලෙස පත් කිරීමත් මූල්‍ය අපරාධයක් බවත් එම මූල්‍ය අපරාධයට වත්මන් රාජපක්ෂ හිතවාදී රජය දඬුවම් නොදුන්නාට සමගි ජන බලවේග රජයක් තුළ එකී මූල්‍ය අපරාධ සිදු කළ පුද්ගලයන් සහ ඊට අනුබල දුන් සියලු දෙනාව නීතිය හමුවට ගෙනවිත් දඬුවම් ලබා දී එසේ පැහැර ගත් සියලු මුදල් නැවත රටට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම කෝටි ගණනක් අනවශ්‍ය වියදමක් දරා නිදහස සැමරුවට ඒ නිදහස ඇත්තෙන්ම සමරන්න ඕනෑ තරම් විධි ඇති බවත් නිදහස් දිනයේ දී ජංගම වැසිකිළි වෙනුවෙන් ලක්ෂ 142ක් වෙන් කරනවා වෙනුවට ඒ මුදල් දුප්පත් මිනිසුන්ට සහන සළසන්න, ධීවරයාට ගොවියාට ඉන්ධන හා පොහොර සහනාධාරයක් ලබා දෙන්න ජනාධිපතිවරයාට සහ ඇමතිවරුන්ට හිතක් පහළ වුනේ නැද්ද? කියා තමා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවට අනන්තවත් ප්‍රශ්න තිබිය දී තමන්ගේ නොහැකියාව වසන් කර ගෙන පුහු නිදහසක් සමරා විශාල මුදලක් විනාශ කළ බවත් ය.

තවද පසුගිය කාලයේ ජනතා අරගලය නිසා මුදල් ඇමති, අගමැති සහ ජනාධිපතිවරයාව රටින් පවා එළවූ නමුත් කපටිකමින් පොහොට්ටුවේ 134 දෙනකු විසින් රාජපක්ෂලාට හිතවාදී පුද්ගලයකු බොඩිගාඩ් කෙනකු ලෙස ජනපති පුටුවට පත් කළ බවත් ජනතාව මහ පාරට බැස්සේ රාජපක්ෂ හිතවාදී ආණ්ඩුවක් බිහි කිරිමට නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට විනාශ කළේ රට බංකොලොත් කළේ රාජපක්ෂලා කියා ජනතාව වුව තවම පිළිගන්නා බව යි.

එමෙන් ම තමා කිසිදු දිනක රාජපක්ෂලාව දිනවන්න ගෙන් ගෙට යෑම, පොස්ටර් ගැසීම, රැස්වීම් පැවැත්වීම සිදු නොකළ නමුත් රාජපක්ෂලාට 2005 බලයට ගෙන ඒම සඳහා සියලු කැපවීම් සිදු කළේ රතු සහෝරයෝ බවත් ඔවුන් බිහි කළ හොර පවුල නිසා රටට මේ තත්ත්වය ඇති වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එවැනි හොර පවුලකට හිතෛශී ලෙස කටයුතු කළ රතු සහෝදරවරුන් හොරු අල්ලනවා යැයි පැවසීම විහිළුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මිනීමැරීම, හිංසනය, ගෙවල් ගිනි තිබීමට තමා සෑම අවස්ථාවකම විරුද්ධ බවත් අවිහිංසාවාදී දේශපාලනයක නියැලෙන තමා රාජ්‍ය දේපල ගිනිබත් නොකළ අරගලයේ නිරත ප්‍රජාතන්ත්‍රවාදී තාරුණ්‍යය හා එක්ව රාජපක්ෂලා රටින් හොරකම් කළ සියලු මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හලාවත පැවැති සජබ ජනහමුවකට එක් වූ අවස්ථාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...

කීරි සම්බා හිඟයට හේතුව?එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියන කතාව..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : වර්තමානය වන විට වෙළඳපොළේ...

ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගත්තා අපිට එය කළ හැකියි : ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : මෙරට සමස්ත ආර්ථිකය සහ...