*
Monday, September 30, 2024
spot_img

Latest Posts

චීන බැලුනයට වෙඩි තැබූ බයිඩන්ගේ අලුත්ම කතාව

පසුගියදා එක්සත් ජනපද ගුවන් සීමාවට ඇතුළු වූ චීන බැලුනයක් හේතුවෙන් ආතතීන් උත්සන්න වීමත් සමඟ අත්ලාන්තික් සාගරයට අඩි 40,000 (මීටර් 12,192) පමණ ඉහළින් තිබියදී එය වෙඩිතබා බැම හෙලීමට ඇමරිකාව ප්‍රහාරක ජෙටි යානා යෙදවනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ඊයේ(16)දිනය වන විට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් මාධ්‍ය වෙ. ප්‍රකාශ කර තිබුණේ මෙම චීන බැලුනය ඔත්තු බැලීම වෙනුවෙන් පැමිණි බවත් එය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් හෙයින් තමා වෙඩිතබා බිම දැමූ බවත් මේ පිළිබඳ තමා සමාව නොගන්නා බවත් නුදුරේම චීන ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳ සාකච්ඡා කරන බවත්ය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා මෙහිදී චීන බැලූනය ප්‍රථම වරට අනාවරණය වූයේ කවදාද, එහි අපේක්ෂිත අරමුණ හෝ එය එක්සත් ජනපදයේ ගුවාම් දූපත දෙසට යොමු කර ඇති බවට මෑතකාලීන වාර්තා පිළිබඳ සාකච්ඡා නොකරන ලදි.

මෙම බැලූනය නිරීක්ෂණ කටයුතු සඳහා යොදාගත් බව චීනය ප්‍රතික්ෂේප කර ඇති අතර, කාලගුණ දත්ත එක්රැස් කිරීම වෙනුවෙන් යොදාගත් පාලනයෙන් ගිලිහුණ බැලූනයක් බවට රජය විසින් නිවේදනය කර තිබිණි.


සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan