විදුලි බිල් වැඩි කිරීමේ තීරණයට IMF ද බලපෑවා – ඇමති කංචන

Date:

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ, විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග මෙතෙක් ක්‍රියාත්මක විදුලි කප්පාදුව අද සිට නතර කරන බවයි.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමේ ක්‍රියාවලිය ද බලපෑ බවයි. ගාස්තු වැඩි කිරීමත් සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ක්‍රියාවලිය වඩාත් පහසු වනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කල අතර පුනර්ජනණීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක වීමත් සමඟ තවත් විදුලි ගාස්තු සංශෝධනයක් ලබන ජූලි මාසයේදී සිදුකරනු ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

කෙසේ වෙතත් පුනර්ජනණීය බලශක්ති ක්ෂේත්‍රයේ නිරත පිරිස් වෙත පසුගිය මාස 12 තුළදී පමණක් බිලියන 40 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවද මෙහිදී ප්‍රකාශ කල අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග, විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...