*
Monday, September 30, 2024
spot_img

Latest Posts

හිටපු මහ බැංකු අධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ගොනුකර තිබු විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 6 වන දින තෙක් යළි දීර්ඝ කර තිබේ.

රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයා ට එරෙහිව මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද දිනයේ දී යළි විභාගයට ගැණුනි.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් එම නියෝගය නිකුත් කළේය.

මේ සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් ඉදිරිපත් කොට ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය අප්‍රේල් මස 6 වන දිනයේ දී නිකුත් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝගය කර තිබේ.

අධිකරණයෙන් පිටතට පැමිණි කබ්රාල් මහතාගෙන් මාධ්‍යවේදීන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් ඇසීය.

මාධ්‍යවේදියා -: ඔබතුමා අදත් අධිකරණයට ඇවිල්ලා ?

පිළිතුර – : “හොඳයි නේ… මම ආසයි එන්න. අපි උත්තර දෙන්න ඕන වෙලාවක ලෑස්තියි. අනිත් අය නෑනේ.”

මාධ්‍යවේදියා – : හෙට දින අධිකරණය හමුවේ පෙනී සිටින්න කියලා කිව්ව ද?

පිළිතුර -:”අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා…”

ලෙස කබ්රාල් මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan