චම්පික යළිත් පිම්මකට සූදානමින් ??

Date:

පාඨලී චම්පික රණවක යනු මෙරට දේශපාලනයේදී පක්ෂ මාරු කිරීම සම්බන්ධයෙන් වාර්තා පිහිටවූ දේශපාලනඥයින් අතරින් එක් අයෙකි.

අනාගත ජනාධිපති සිහිනයක් දකිමින් ඒ සඳහා ඔහු විවිධ පක්ෂ, සන්ධාන, මැතිවරණ පෙරමුණු භාවිතා කරමින් දේශපාලන ගමනක නිරත වූ අතර නිශ්චිත ඡන්ද පදනමක් ද නැති ඔහුගේ පැත්තෙන් ගත් කල එය සෑහෙන තරම් දුරකට සාර්ථක වූ බවත් කිව හැකිය.

පසුගිය අරගල සමයේදී ද චම්පික කැපී පෙනෙන දේශපාලන නායකයකු වීමට උත්සාහ දැරූ අතර ඔහුට සමීප ආධාරකරුවන් පිරිසක් ගෝල්ෆේස් අරගලය තුළ ඉදිරියෙන්ම ක්‍රියාකාරීව ද සිටි බව දක්නට ලැබිණි. අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පදවියට පත්වෙද්දී ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලැබුණේ ද චම්පිකගේ සමීපතම දේශපාලන ගෝලයා වන ධනුෂ්ක රාමනායකට ය.

ඒ කාලසීමාව තුළම චම්පික රණවක දේශපාලන පිම්මකට සැරසෙමින් සමගි ජන බලවේගයෙන් ද ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ නමුත් රටේ වාතාවරණය අනුව තීන්දුවක් ගැනීමට පැකිළෙමින් වැනෙනසුළු ස්වභාවයක් ද පෙන්නුම් කළේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට පක්ෂයක් නොමැතිව අවසානයේ කුඩාම පක්ෂයක් වන කුමාර වෙල්ගම මහතාගේ නව ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීමට සිදුවීම ය.

මේ අතර නැවත වතාවක් අරගලකරුවන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් එකතු කරගනිමින් ජාතික හෙළ උරුමය පක්ෂයේ නම “එක්සත් ජනරජ පෙරමුණ” වශයෙන් වෙනස් කර තමන්ගේ නායකත්වයෙන් පුළුල් දේශපාලන පෙරමුණක් ගොඩනැගීමට චම්පික සැලසුම් කර ඇති බවක් ද වාර්තා විය. විපක්ෂයේ බලය ඇල්ලීම සඳහා මෙම පුළුල් පෙරමුණ ගොඩනැගීමට සූදානම් වන බවක් ද කතාබහට ලක්ව තිබිණි.

කෙසේවෙතත් පෙරේදා (15) දිනයේදී චම්පික රණවක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රහසේ හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී ඔහු ජනාධිපතිවරයාව ෂේප් කරගැනීමට උත්සාහ දරා ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

පසුගිය මාස කිහිපය තුළ මාධ්‍ය ඉදිරියේ ආණ්ඩුවේ පතුරු අරිමින්, ආණ්ඩුවට අනතුරු හඟවමින්, අභියෝග කරමින් සිටි චම්පික මෙසේ නැවත වතාවක් වෙනත් පැත්තකට සිග්නල් දමා ඇති බවක් පෙන්නුම් කෙරෙන අතර ඔහුත් සමග අරගල කිරීමට සැරසෙන ඔහුගේ ගෝලබාල තරුණයින්ට නම් වැලේ වැල් නැතිවනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...