*
Monday, September 30, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/17

  1. විදුලි පරිභෝජකයන්ට අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබා දීම සඳහා අනුමත විදුලිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට, අඩු-ආදායම් පවුල් සඳහා සහන සැලසීමට, සහ ආගමික ස්ථානවල සහ රජයේ අධ්‍යාපන ආයතනවල වහලයේ සවිකරන ලද සූර්ය පැනල ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට විධාන නිකුත් කරයි.
  2. අනුමත සියයට 66 විදුලිය ගාස්තු සංශෝධනයට අනුව ආපනශාලා කලමනාකරණය කර ගත යුතුව ඇති බැවින් බත් පැකට්ටුවක, ෆ්‍රයිඩ් රයිස් පැකට්ටුවක සහ කොත්තු පැකට්ටුවක මිල සියයට 10 කින් ඉහළ නංවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාකරු අසේල සම්පත් පවසයි – මෙලෙස මිල ඉහළ දැමීමට සිදුවීම පිළිබඳ ජනතාවගෙන් සමාව අයදියි – මෙම ක්‍රියාව ඉහළ දැමූ විදුලි බිලට දක්වන විරෝධයක් බව ද පවසයි.
  3. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලීසිය විසින් මුද්‍රා තබයි – එලෙස මුද්‍රා තබා තිබෙන්නේ එම කාර්යාලය තුළ රජය අපහසුතාවයට පත්කරන අන්දමේ ක්‍රියා සිදුවන බවට ලැබුණු තොරතුරු මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා ගත් නියෝගයක් මත ය.
  4. එළඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රු. බිලියන 08ක් ඇස්තමේන්තුගත කර තිබුණ ද, රු. බිලියන 02 කින් එය පැවැත්විය හැකි බවත්, මැතිවරණයකට වැය වන මුදලෙන් වැඩි ප්‍රතිශතයක් – එනම් සියයට 60 ක් – ගෙවිය යුතු වන්නේ මැතිවරණ පැවැත්වීමෙන් පසුව බවත් හිටපු මැතිවරණ කොමිෂන් සභා සභාපති වත්මන් සීමානීර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
  5. මෙරට සමුද්‍ර සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට Sea Leisure Yachting Group සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර හමුවක් – මීට අදාළව SLYG සභාපති පියරේ ප්‍රින්ගියර්ස් සහ ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී රට තුළ සමුද්‍ර සංචාරක කර්මාන්තයේ විවේක සමුද්‍ර සංචාරක ක්‍රියා ප්‍රවර්ධනය කිරීම, සමුද්‍ර යාත්‍රා නිශ්පාදනය කිරීම සහ ව්‍යාපාර පුළුල් කිරීම ආදිය පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.
  6. වඩාත් පුළුල් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාවට ණය සහන ලබාදෙන මෙන් බහුපාර්ශ්වික ණය දෙන්නන් හට චීනය විසින් සිදුකර ඇති බලපෑම හමුවේ අනෙකුත් ප්‍රධාන ණයහිමියන්ගේ අප්‍රසාදය ඇතිවීමේ අවදානමක් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පැරිස් සමාජය ඇතුළු ආයතන විසින් සිදුකර ඇති ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණයට ප්‍රකාරව සිදුකිරීමට නියමිත ණය ප්‍රතිව්‍යූහගතකරණයට චීනයේ සහාය තවමත් ලැබී නැති බැවින්, පවතින ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් අපේක්ෂාකරන ණය ලබා ගැනීමට ලබා දී ඇති කාලය අවසාන වීමේ අවදානමක් ද මතුව ඇති බව නිල ආරංචිමාර්ග පවසයි – මෙමඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇ.ඩො. බිලියන 2.9 ණය පහසුකම ලබා ගැනීම ද තවදුරටත් ප්‍රමාද වනු ඇති බවට විද්වත්හු අනතුරු අඟවති.
  7. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සිය විදුලිබල ජාල සම්බන්ධ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර මාස දෙකක් ඇතුළත වැඩිදියුණු කළ වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පවසයි – ඒ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑමේ එක් පියවරක් ලෙස ය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇ.ඩො. බිලියන 2.9 ක පහසුකම ලබා ගැනීම ආසන්න වී ඇති බැවින්, ඉකුත් වර්ෂයේ සිට ඉන්දියාව විසින් ලබා දී ඇති ඇ.ඩො. බිලියන 04 ක ණය පහසුකම තිබියදීත් එරට සමඟ වෙළඳ සහ ආයෝජන අවස්ථා වැඩිදියුණු කර ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි.
  8. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මියන්මාරයට පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව ඇති බව වාර්තා වේ – මෙසේ මියන්මාරයට පිටව ගොස් තිබෙන්නේ එරට සමාජ ක්‍රියාකාරී සංවිධාන කිහිපයක් විසින් ලද ආරාධනයක් අනුව බව සඳහන්.
  9. කුඩා කළ පටන් තමා රැකබලා ගත් මිත්තණිය විසින් තමාට ලබා දුන් දේපළ යළි ඈ වෙත පවරන ලෙස ජනප්‍රිය රංගන ශිල්පිනී රුචිනි ටනාෂා හතරසිංහ ට කොළඹ දිසා අධිකරණය නියෝග කරයි – ඊට අමතරව ඈට රු. මිලියන 05 ක වන්දියක් ගෙවීමට සහ දේපළ නීත්‍යානුකූලව යළි පවරා දෙන තුරු මාසිකව රු. 30,000 ක දීමනාවක් ලබා දෙන මෙන් ද අධිකරණය නියෝග කරයි – ඇය තම මිත්තණියට සලකා නොමැති බවට අධිකරණය විසින් නිගමනය කරයි.
  10. ඖෂධ ගෙන්වීමට, සැත්කම් සිදුකිරීමට මුදල් නැති රටකට මැතිවරණයක් ද පැවැත්විය නොහැකි යැයි ජනමතයක් නිර්මාණය කිරීමේ ‘මානසික යුද්ධය’ ජනාධිපතිවරයා විසින් දියත් කර ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පා.ම. අනුර කුමාර දිසානායක චෝදනා කරයි – තම බලය රැක ගැනීමට මෙලෙස සෞඛ්‍ය අංශය කඩා වැටීමට සලස්වා මනුෂ්‍ය ජීවිත අහිමි වීමට ඉඩ දීමේ ජනාධිපතිවරයාගේ නිර්ලජ්ජිත උත්සාහය ‘පාස්කු ප්‍රහාරය හා සමාන’ ඛේදවාචකයක් බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan