වී කිලෝ එකක් රුපියල් 140 කට වැඩි විය යුතුමයි – ඩඩ්ලි සිරිසේන (VIDEO)

වී කිලෝවක් සඳහා රුපියල් 140 කට වැඩි මිලක් ගොවීන්ට ලබාදිය යුතු වුවත් අවසානයේ රජයේ ඉල්ලීම පරිදි රුපියල් 100 බැගින් වී කිලෝවක් මිලදී ගැනීමට තමන් ඇතුළු මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ වූ බව අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

“බොහොම කාරුණිකව ඉල්ලීමක් කළා, ගොවියන්ට මේ ගෙවන රුපියල් 100 මිල මදි. වී කිලෝ එකක් රුපියල් 140කට වැඩි විය යුතුමයි. ඉතින් අපි වී කිලෝවකට රුපියල් 120ක් වත් කරලා දෙන්න කියලා හිටං ඉල්ලීමක් කළා. නමුත් ජනාධිපතිතුමාගේ සහ රජයේ ප්‍රධාන නිලධාරීන්ගේ අදහස වූයේ මේක රටේ බත් කන පාරිභෝගික ජනතාවගේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මේ කන්නයේ මේ විදියට කරලා ලබන කන්නයේ ඉඳන් වී මිල වැඩිකරමු කියන යෝජනාව තමයි අවසානයේ එකඟතාවකට ආවෙ”

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...