වී කිලෝ එකක් රුපියල් 140 කට වැඩි විය යුතුමයි – ඩඩ්ලි සිරිසේන (VIDEO)

Date:

වී කිලෝවක් සඳහා රුපියල් 140 කට වැඩි මිලක් ගොවීන්ට ලබාදිය යුතු වුවත් අවසානයේ රජයේ ඉල්ලීම පරිදි රුපියල් 100 බැගින් වී කිලෝවක් මිලදී ගැනීමට තමන් ඇතුළු මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ වූ බව අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

“බොහොම කාරුණිකව ඉල්ලීමක් කළා, ගොවියන්ට මේ ගෙවන රුපියල් 100 මිල මදි. වී කිලෝ එකක් රුපියල් 140කට වැඩි විය යුතුමයි. ඉතින් අපි වී කිලෝවකට රුපියල් 120ක් වත් කරලා දෙන්න කියලා හිටං ඉල්ලීමක් කළා. නමුත් ජනාධිපතිතුමාගේ සහ රජයේ ප්‍රධාන නිලධාරීන්ගේ අදහස වූයේ මේක රටේ බත් කන පාරිභෝගික ජනතාවගේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මේ කන්නයේ මේ විදියට කරලා ලබන කන්නයේ ඉඳන් වී මිල වැඩිකරමු කියන යෝජනාව තමයි අවසානයේ එකඟතාවකට ආවෙ”

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...