ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියකටත් කොවිඩ්

0
636

පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇයගේ සැමියාට සහ දියණියටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ තත්වය එතරම් බරපතල නොවන අතර මේ වනවිට මන්ත්‍රීවරිය ඇතුළු ආසාදිතයන් පිරිසක පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.

කෝකිලා හර්ෂණී මහත්මිය පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වී නොමැති අතර මේ නිසා ඇය හරහා පාර්ලිමේන්තුවේ කිසිවෙකුටත් වෛරසය පැතිරීමේ අවදානමක් නොමැත.

ඊයේ දිනයේදී ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබිණි. මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතාද කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටී.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here