පෙළපාලි පවත්වන්න එපා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ අද (20) දිනය තුළ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විරෝධතා කිහිපයක් පවත්වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සඳහා පොලිස් නිලධාරීන් සුදානමින් සිටින බවය.

වැඩිදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට හෝ පොදු දේපළවලට යම් හානියක් හෝ අවහිරයක් සිදුවන්නේ නම් අදාළ විරෝධතා පෙළපාලිවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පොලීසිය කිසිවිටෙකත් බාධා නොකරන නමුත් යම් පිරිසක් පවතින නීතියට එරෙහිව කටයුතු කරන්නේ එයට එරෙහිව කටයුතු කරන බවයි.

“විශේෂයෙන් අපි කියන්නේ පෙළපාලි පවත්වන්න එපා කියන දේ කාරණය. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පෙළපාලියක් හෝ යම්කිසි දෙයක් ඒ සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පොලීස් නිලධාරීන් කටයුතු කරනු ඇත. පොලිස් නිලධාරීන් ඒ සඳහා සුදානමින් ඉන්නවා. පවතින නීතිය යටතේ පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ. නීතියානූකූලව කටයුතු කරන්න අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබාදීලා තියෙනවා.”

ලෙස නිහාල් තල්දූව මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...