පෙළපාලි පවත්වන්න එපා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Date:

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ අද (20) දිනය තුළ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විරෝධතා කිහිපයක් පවත්වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සඳහා පොලිස් නිලධාරීන් සුදානමින් සිටින බවය.

වැඩිදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට හෝ පොදු දේපළවලට යම් හානියක් හෝ අවහිරයක් සිදුවන්නේ නම් අදාළ විරෝධතා පෙළපාලිවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පොලීසිය කිසිවිටෙකත් බාධා නොකරන නමුත් යම් පිරිසක් පවතින නීතියට එරෙහිව කටයුතු කරන්නේ එයට එරෙහිව කටයුතු කරන බවයි.

“විශේෂයෙන් අපි කියන්නේ පෙළපාලි පවත්වන්න එපා කියන දේ කාරණය. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පෙළපාලියක් හෝ යම්කිසි දෙයක් ඒ සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පොලීස් නිලධාරීන් කටයුතු කරනු ඇත. පොලිස් නිලධාරීන් ඒ සඳහා සුදානමින් ඉන්නවා. පවතින නීතිය යටතේ පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ. නීතියානූකූලව කටයුතු කරන්න අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබාදීලා තියෙනවා.”

ලෙස නිහාල් තල්දූව මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...