ක‍්‍රිඩාව තුලින් මිත‍්‍රත්වය – CISM සමරු ධාවනය කොළඹදී

Date:

ආරමිභයේ සිටම සාමය සදහා ක‍්‍රිඩාවන් ප‍්‍රවර්ධනය කිරිමේ කි‍්‍රයාකරකමි සිදු කරනු ලබයි. මිත‍්‍රත්වය, ගරුකිරිම, ඉවසිම හා අනෝන්‍ය අවබෝධය වැනි ගුණාංග වර්ධනය කිරිම පදනම් කරගත් ජාත්‍යන්තර හමුදා කි‍්‍රඩා කවුන්සල (CISM) දින ධාවනය වර්ථමාන ආරක්ෂක සේවා කි‍්‍රඩා කවුන්සලයේ ප‍්‍රධානි ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත මෙවර ගුවන් හමුදාවේ සංවිධාන ශක්තියෙන් 2023 පෙබරවාරි මස 18 වන සෙනසුරාදා දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කොළඔ කදවුරු රයිෆල් ග‍්‍රීන් කි‍්‍රඩාංගනය ඉදිරි පිටින් උදැසන ආරමිභ කෙරිණි.

කිලෝමිටර් 2.5 ක් වූ මෙම ධාවනය සදහා ජාත්‍යන්තර හමුදා කි‍්‍රඩා කවුන්සල (CISM) වෙරළ වොලිබෝල් තරගාවලිය වෙනුවෙන් මෙරටට පැමිණි, ජාත්‍යන්තර හමුදා කි‍්‍රඩා කවුන්සලයේ මහ ලේකම් මෙන්ම ඉතාලි නාවික හමුදාවේ කපිතාන් රොබර්ටෝ රෙචියා (Roberto Recchia) මහතා සහභාගී වී සිටි අතර ඊට අමතරව ආරක්ෂක ලේකම් (විශ‍්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඡෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප‍්‍රියන්ත පෙරේරා සහ ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරුන් ද සහභාගි විය.

ක‍්‍රිඩාව තුලින් මිත‍්‍රත්වය යන්න තේමා පාඨය කරගත් ජාත්‍යන්තර හමුදා කි‍්‍රඩා කවුන්සලය 1948 වසරේ පෙබරවාරි 18 වන දින ආරම්භ කර ඇති අතර මේ වන විට එය ලෝකයේ විශාලතම බහුවිධ සංවිධානයක් ලෙස හැදින්විය හැක.

මෙම සංවිධානයේ මහලේකම් කාර්යාලය බෙල්ජියෙමි අගනගරය වන බ‍්‍රසල්ස් හි පිහිටා ඇත. මෙම මහලේකමි කාර්යාලයේ කළමනාකාරීත්වය යටතේ රටවල් 133 ක සන්නද්ධ හමුදාවන් සාමාජිකත්වය දරණ අතර විවිධ වූ කි‍්‍රඩා අවස්ථාවන් සංවිධානය කිරීම මෙමගින් සිදු කරයි. පෙර අවස්ථාවන් වලදී සටන් බිමේ හමුවූ ඔවුන් මෙම සංවිධානය යටතේ මිත‍්‍රත්වයෙන් කි‍්‍රඩා පිටියේදී එකිනෙකා හමුවිම සිදු වේ.

මෙම CISM සංවිධානයේ මුලික අරමුණ වනුයේ කි‍්‍රඩාව තුලින් ලෝක සන්නද්ධ හමුදාවන් ගේ එකමුතු බව ඇතිකර ලෝක සාමය සදහා දායක විමයි. සෑම වසරකම පෙබරවාරි මස 18 වන දින ලොව පුරා ජාත්‍යන්තර හමුදා ක‍්‍රීඩා කවුන්සිල දිනය සමරන අතර මෙම CISM සැමරුමි ධාවනය සිඳුවන්නේ එහි තේමා පාඨය වන කි‍්‍රඩාව තුලින් මිත‍්‍රත්වය යන්නෙහි අර්ථය ලොවට පැවසිමටය.
මේ සමඟ එම ධාවනයට අදාළ ඡායාරූප කිහිපයක් පළ වේ.



නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...