මාර්තු 09 මැතිවරණය පැවැත්වීමට නොහැක – මැතිවරණ කොමිසම

මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ, හේතු ගණනාවක් මත මාර්තු 09 වැනිදා සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි . ඒ මෝසමක් මගින් කරුණු දක්වමින් ය.

මෝසම මගින් පෙන්වා දී තිබෙන්නේ කොමිසන් සභාවට වළක්වාගත නොහැකි බාධා කිහිපයක් නිසා ලබන 09 වැනිදා එම මැතිවරණය පැවැත්වීමට අපහසුතා රැසක් මතුවී ඇතැයි එම මැතිවරණය සදහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන සපයා දීම අසීරු බව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ වනවිටත් කොමිෂන් සභාවට දන්වා ඇතැයි ද එහි සඳහන් ය.

රුපියල් මිලියන 410 යි දශම හයක් ලබා දෙන තුරු ඡන්ද පත්‍රිකා ලබාදීමේ හැකියාවක් නොමැති බවට රජයේ මුද්‍රණාලාධිපති විසින් දන්වා ඇතැයි ද මැතිවරණ කොමිසම මෝසම මගින් ශ්‍රේෂ්ඨධිකරණයට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසන් සභාව සිය මෝසම මගින් ශ්‍රේෂ්ඨධිකරණයට පෙන්වා දී ඇත්තේ මැතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ලබාදිය යුතු ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා අසමත් වී ඇති බවත්, ඒ සදහා ගොවිය යුතු ගාස්තුව තුන් තුණයකින් ඉහළ දමා ඇති බවයි.

මැතිවරණය සදහා අවශ්‍ය වාහන ඉන්ධන, ඇතුළු පහසුකම් ලබාදෙන ලෙසට වගකිව යුතු රාජ්‍ය ආයතනවලට තමන් දැනුවත් කර තිබුණත්, එම ඉල්ලීම් මේ දක්වා ඉටුකර නොමැති බව ද මැතිවරණ කොමිසම මෝසමින් පෙන්වා දී තිබේ.

මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපති දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා, ලංකා විදුබල මණ්ඩලයේ සභාපතිවරයා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු පිරිස මෙම ඉදිරි මැතිවරණය සඳහා ලබාදිය යුතු පහසුකම් ලබා දී නොමැති බවට ලේඛන සහිතවම මැතිවරණ කොමිෂන් සභාව සිය මෝසම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...

ඥානසාර හිමි මගේ යාළුවෙක්. උන්වහන්සේ අවංක මනුස්සයෙක්. සිවුරට දඬුවම් දෙනවාට මම කැමති නෑ – ඇමති ලාල්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගේ මිතුරෙකු බවත් උන්වහන්සේ අවංක පුද්ගලයකු...