කොන්දේසි විරහිතව සමාවක් අයැද සිටීමෙන් පසු සේපාල් නිදහස් වෙයි

Date:

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේ, දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමටයි. ඒ එම පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී සැකකාර සේපාල් අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මහනායක හිමිවරුන් ගෙන් හා බෞද්ධ ප්‍රජාව ගෙන් කොන්දෙසි විරහිතව සමාව අයැද සිටින බව පවසා සිටියා.

එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැද සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා දන්වා සිටි අතර අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූඡ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද ඔහු සමාව අයැද සිටියා.

ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දැනුම් දුන් අතර , ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට ද අධිකරණය තීන්දු කළ අධිකරණය සැකකාර සේපාල් අමරසිංහ මුදා හැරීමටද නියෝග කළා.

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ පසුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...