අවුරුදු ගණන් ඕනෙ නෑ, ඉදිරි මාස තුන ආණ්ඩු කරන්නේ කොහොමද පෙන්නන්න – කිරිඇල්ල රජයට කියයි

වසර ගණනක් ඉදිරියට රට පාලනය කරන්නේ කෙසේද යන්න නොව අවම වශයෙන් ඉදිරි මාස තුන තුළ රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ කෙසේදැයි හැකි නම් පෙන්වා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයට පවසයි.

”රජයට කියන්නෙ, අවුරුදු ගණනාවක් ඉස්සරට බලන්නෙ නැතුව ඉදිරි මාස තුන ආණ්ඩු කරන්නෙ කොහොමද කියලා පෙන්නන්නකෝ. මේ සතියේ ඉන්ධන නැහැ. පැය හතරක විදුලි කප්පාදුවක් එනවා. ඒකට මොකක්ද උත්තරේ ? ඒවාට උත්තර නැහැ. කන්ටේනර් 1000ක් විතර වරායේ හිරවෙලා තියෙනවා, ඒවාට උත්තර නැහැ. පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ළමයින්ට සල්ලි ඇරගන්න බැහැ මෙහෙ ඉඳලා. ඒගොල්ලො අනාථ වෙලා ඉන්නෙ. ඉතිං මේ වංචාව කාගෙද ? වැඩ පුළුවන් එක්කෙනාට දවසක් දුන්නත් ඇති, බැරි එක්කෙනාට කල්පයක් දීලාත් වැඩක් නැහැ”

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...