රජයේ රෝහල් සඳහා ඩීසල් ලබාදීමට ජපානයෙන් ඩොලර් මිලියන 46ක ප්‍රදානයක්

දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබේ.

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිදු විය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම ගිවිසුම අනුව ජපාන රජය ඩීසල් ලීටර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අතර වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවා පහසු කිරීම උදෙසා මෙම මානුෂීය ආධාරය සිදු කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ඉරාකයේ ඉතිරිව තිබූ...

වැසි තත්වයේ යළි වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ...

කථානායක නිල නිවසේ බඩු පොත අතුරුදන් – කළමනාකරු අල්ලස් කොමිසමට දැනුම් දෙයි !

කථානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත (Inventory book) අතුරුදන්ව...

මාලිමා ඩෝබිවරු මාව හිරේ අරින්න වහසි බස් දෙඩුවත් මම නඩු දෙකෙන්ම නිදොස්කොට නිදහස් වුණා – ගම්මන්පිල

තමන්ව පීඩාවට පත්කිරීමේ අරමුණින් තම දේශපාලන විරුද්ධවාදීන් එකම සිද්ධියකට...