මේක නීත්‍යනුකූල මැතිවරණයක් නෙවෙයි නම් එක්සත් ජාතික පක්ෂය ඇප බැන්දෙ ඇයි, – පුබුදු ජාගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (23දා) පැවසූවේ ,ජනාධිපති පවසන්නේ ඔහු මූලිකත්වය දෙන්නේ ආර්ථික අර්බුදය විසඳන්න පමණක් බවයි. නමුත් ආර්ථික අර්බුදය විසඳන්නේ මොන දේශපාලන නායකත්වය යටතේ ද කියලා තීරණය කළ යුත්තේ ජනතාවයි. එහෙම නැතිව රනිල් නොවන බව ජාගොඩ මහතා පැවසීය .

මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණයක් කැඳවා නැති බවට ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස් පිළිබඳව සිය ස්ථාවරය පැවසීමට නුගේගොඩ එම පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය.

පුබුදු ජයගොඩ මෙසේ වැඩිදුරටත් කීවේය.

” මේක නීත්‍යනුකූල මැතිවරණයක් නෙවෙයි නම් එක්සත් ජාතික පක්ෂය ඇප බැන්දෙ ඇයි, නාමයෝජනා දුන්නේ ඇයි කියා අපි ප්‍රශ්න කරනවා. මැතිවරණ තියන්න සල්ලි නෑ කියලත් ජනාධිපති කියනවා. එහෙම බැලුවොත් හැම මැතිවරණයකට ම ඔහු මෙම තර්කය අදාළ කර ගනීවි. සල්ලි නෑ කියලා කවදාවත් ඡන්ද තියෙන එකක් නෑ. ආර්ථික අර්බුදය සම්පූර්ණ වශයෙන්ම විසඳෙන්න තව අවුරුදු දහයක් විතර යයි කියලයි මහ බැංකු අධිපති කියන්නේ. ජනාධිපතිවරයා හදන්නේ එතකම් ම ඡන්ද නොතියා ඉන්නද. ජනාධිපති කියනවා එයා මූලිකත්වය දෙන්නේ ආර්ථික අර්බුදය විසඳන්න කියලා. ඉතින් ආර්ථික අර්බුදය විසඳන්නේ මොන දේශපාලන නායකත්වය යටතේ ද කියලා තීරණය කළ යුත්තේ ජනතාවයි. එහෙම නැතිව රනිල් නෙවෙයි. ඇමෙරිකානු විප්ලවයේ සටන් සටන්පාඨය වුණේ ‘නියෝජනයක් නැත්නම් බදු ගෙවන්නේ නෑ’ කියන එකයි. දැන් අපිටත් එම ස්ථාවරයට යන්න වෙලා තියෙනවා”.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...