මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් වූ පෙත්සම සම්බන්ධයෙන් විමර්ශන..

මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් බවට ඉදිරිපත් වූ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමටයි.

එම කොමිසම පැවසුවේ ඊට අදාළ විර්ශන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර ඇති බවය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මෙම පෙත්සම ගොනු කර තිබුණි.‍

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කර තිබේ.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මේ අතර රටේ මහජන සෞඛ්‍ය සේවාව ද දිගින් දිගටම බිඳ වැටෙමින් පවතින බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...