ජනපති රනිල් පොහොට්ටුවට දුන් පොරොන්දු 03ක් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක් (VIDEO)

Date:

තමාට පක්ෂපාතීව ඡන්දය ලබා දෙන පොහොට්ටු මන්ත්‍රීවරුන්ට හොඳ ආරක්ෂාවක්, ඔවුන්ගේ නිවෙස්වලට සිදුවූ හානිවලට වන්දි ලබා දීම සහ පාර්ලිමේන්තුවේ වාරය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව තිබීම යන ප්‍රතිපත්ති 3 පමණක් මුල් කර ගෙන වත්මන් ජනාධිපතිවරයා විසින් බලයට පත් වූ බවත් ජනවරමක් නොමැතිව පොහොට්ටුවේ රූකඩයක් ලෙස පත් වූ වත්මන් ජනාධිපතිවරයා විසින් ජනතාවට නොව පොහොට්ටු මන්ත්‍රීවරුන්ට පමණක් මෙම පොරොන්දු පත්‍රය ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා බටහිර අනුරාධපුර ආසනයේ, නොච්චියාගම ප්‍රදේශයේ ජන රැළියකට එක් වූ අවස්ථාවේ දීය.

ජනවරමක් ජනතා විශ්වාසයක් නොමැති මේ ආණ්ඩුවට කියා සිටින්නේ තක්කඩි දේශපාලනයේ නියැලී මැතිවරණය කල් නොදමන ලෙසත් ජනතාවගේ මැතිවරණ අයිතියට අත තියන්නේ නම් එයට විරුද්ධව පාරට බහින බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

එසේම මේ මැතිවරණ අයිතිය අහෝසි කිරීමට සහාය දුන් සියලු දෙනාම නීතිය හමුවට ගෙන එන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපාට අධි චෝදනා භාරදෙයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : 2014 වසරේ එවක...

ජනාධිපති අරමුදලින් ඉෂාක් බෙග් ගේ ප්‍රතිකාර සඳහා මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : ඉෂාක් බෙග් මහතාගේ...