චීනය යුක්රේනය සහ රුසියාව අතර සටන් විරාමයක් ඉල්ලයි

Date:

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ පළමු සංවත්සරයට සමගාමීව එකස්ත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කියෙව්හි යමින් ත්‍රාස්‍යජනක අත්දැකීමක් ලබා ගත්තා මෙන් චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික වැන්ග් යීගේ යුරෝපීය සංචාරය ආරම්භ වූ අතර එය මොස්කව්හිදී ව්ලැඩිමීර් පුටින් විසින් උණුසුම් පිළිගැනීමකින් අවසන් විය.

බැලූ බැල්මට නම් මෙය දෙකොන ඇවිළීමකි.

මෙතෙක් සීතල යුද්ධයක මානසිකත්වයෙන් සිටි චීනය මෙවර යුක්රේනය සහ රුසියාව අතර සටන් විරාමයක් ඉල්ලා ඇති අතර ගැටුම් අවසන් කිරීම සඳහා කරුණු 12 ක යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ගැටුම් හා යුද්ධය කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැත යනුවෙන් චීනය විසින් ඉදිරිපත් කරන ලද සැලැස්මකට අනුව රුසියාවට එරෙහි බටහිර සම්බාධක හේතුවෙන් වෙළඳාම කඩාකප්පල් වීම නතර කිරීම, සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවන් පිහිටුවීම මෙන්ම යුක්රේනය සඳහා ස්වෛරීභාවය හා රුසියාව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීමට ඉල්ලා සිටියි. මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබුණේ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් බීජිනයේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයේ නායක ෂී ජන්පින් සමඟ සාකච්ඡා කිරීමට තමා සූදානම් බවයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ යුක්ති සහගත සහ කල් පවත්නා සාමයකට වඩා වැඩි දෙයක් දැකීමට අපි කැමති නැති නමුත් චීනයේ පක්ෂපාතීත්වය මධ්‍යස්ථ මැදහත්කරුවකු නොවන බවයි.

කෙසේ නමුත් වැන්ග්යීගේ සංචාරය මෙවර රුසියාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගන්නා බව සලකන නායකයින් වන ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ හංගේරියාව වෙතද යොමු වූ අතර ඒ මඟින් බීජිං ගොඩනගා ගැනීමට උත්සහ කරන දේශපාලනික පෞරුෂය සුළුපටු නොවන බව විචාරකයන් අදහස් දක්වයි.

සිය සමීපතම මිතුරා වන රුසියාව වෙනුවෙන් චීනය මේ වන විට මාරාන්තික අවි සැපයීම ගැන සලකා බලමින් සිටින බවට එක්සත් ජනපදය අනතුරු අඟවා තිබේ. මේ වන විටත් චීන සමාගම් විසින් මාරාන්තික නොවන ද්විත්ව භාවිත තාක්ෂණය ඩ්‍රෝන් සහ අර්ධ සන්නායක වැනි සිවිල් සහ මිලිටරි භාවිතයන් තිබිය හැකි අයිතම සපයා ඇති බව අනාවරණය වන අතර ආචාර්ය ස්මෝල්ට අනුව ඉරානය හෝ උතුරු කොරියාව වැනි තෙවන පාර්ශවීය රාජ්‍යයන් හරහා ඔවුන් ද්විත්ව භාවිත තාක්‍ෂණය සැපයිය හැකි බවටද අනුමාන ඉදිරිපත් වේ.


සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...