*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

තෙත් කලාපයේ වගාවන්හි අස්වනු අඩුවීමට හේතුව

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ආචාර්යවරුන් පිරිසක් සිදුකළ පරීක්‍ෂණයකදී අනාවරණය වී ඇත්තේ දේශගුණික විපර්යාස හා මීමැස්සන් හා බඹරුන් වැනි පරාගනයට දායක වන සතුන්ගේ ගහණය අඩුවීම හේතුවෙන් තෙත් කලාපයේ වගාවන්හි අස්වනු සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රවීන්ද්‍ර විතානච්චි මහතා පැවසූවේ දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තයට ඇති වී ඇති බලපෑම සම්බන්ධයෙන් තෙත් කලාපයේ ගම්මාන 600ක පමණ ගොවිජනතාව හමුවී වසර එක හමාරක පමණ කාලයක් පුරාවට සිදුකළ පරීක්‍ෂණයකදී මෙය අනාවරණය වූ බවයි.

පසුගිය වසර 10ක 15ක පමණ කාලයක සිට මෙම අස්වනු අඩුවීම සිදුව ඇතැයි ද එම පරීක්‍ෂණයේ දී අනාවරණය වි තිබෙන අතර වසර 30ත් 50ත් අතර කාලයක් පුරා ගොවිතැනෙහි නිරතවූවන් සමඟ තම කණ්ඩායම සාකච්ඡා කළ බවත්, වගාබිම්වල පමණක් නොව වනාන්තරවල ඇති පළතුරු ආදී පලදරණ ශාඛවල පල දැරීම ද මේ වන විට අඩුවී ඇති බව එහිදී හෙළිවිණි යැයි රවීන්ද්‍ර විතානච්චි මහතා සඳහන් කරයි.

එළවළු, පළතුරු අස්වනු අඩුවීමට මෙම දේශගුණික විපර්යාස දැඩි බලපෑමක් එල්ල කරන අතර, නුවරඑළියේ මේ වන විට වසර පුරා වැසි ලැබීමෙන් අර්තාපල් වගාවටත්, වලපනේ ප්‍රදේශයට වැසි හා සුළං වැඩිවීම නිසා පෙයාර්ස් වගාවටත් දැඩි බලපෑම් එල්ල වී ඇති බව රවීන්ද්‍ර මහතා කියයි.

පහතරට තෙත් කලාපයේ සිංහරාජ වනාන්තරයට මායිම්ව ජීවත්වන ජනතාව එම වනාන්තරයට ගොස් එහි වැවෙන එනසාල්, කරඳමුංගු ආදිය රැගෙනවිත් විකුණා ජීවත්වන බවත්, වසර 50ක් පමණ කාලයක් පුරා එසේ ජීවත්වන පිරිස් පවසන ආකාරයට එම අස්වනු මෙන්ම වනාන්තරයේ ඇති පලු, ඇටඹ, හිඹුටු, කීන ආදී පළතුරු ගස්වල ඵලදාව ද ගතවූ කාලයේ දී සැලකිය යුතු මට්ටමින් අඩුවී ඇති බවත් ආචාර්යවරයා සඳහන් කළේය.

ආචාර්යවරයා වැඩිදුරටත් පැවසූවේ මේ වන විට අඹ ගස්වල ද ඵලදාව අඩු වී ඇති අතර, මෙම පළතුරු ගස්වල මල් හටගන්නා පෙබරවාරි මාර්තු කාලයේ දී සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පැවතියත් දැන් එම තත්වය වෙනස් වී වැසි ඇතිවීම මල්වල පරාග සේදීමත්, පරාගනය සිදුකරන මී මැස්සන්, කුඩා කුරුල්ලන් වැනි සතුන්ගේ ගහණය අඩුවීමත් එයට හේතු වී ඇති බවයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan